සිරස ටීවී ප්‍රමුඛ එම්.ටී.වී./එම්.බී.සී. මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජා වෙත තවත් රූපවාහිනී නාළිකාවක් සඳහා බලපත්‍ර ලබාදී ඇති බව ලංකා නිවුස් වෙබ් ඩොට් කොම් වාර්තා කර තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි මෙම නව බලපත්‍රය ලබාදී තිබෙන බවත් කිලී මහරාජා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය වෙනුවෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම නාලිකාව ලබාදි තිබේ.

මෙම නව නාළිකාවේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතය. මෙම නව නාළිකාවේ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ කලක් ස්වාධීන රූපවාහිනීයේ සේවය කළ සැර අයිඩියා ප්‍රචාරක ආයතනයේ හිමිකරුවෙකු වන බුද්ධික වික්‍රමාධාරය. 

කිලී මහරාජා පසුගිය ජනාධිපතිවරයණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යම් කාර්යභාරයක් සිදුකළ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල තුළටම තමාගේ හෙංචයියන් ඇතුළත් කිරීමට ද කටයුතු කළේය. ඒ අනුව සිරස ටීවී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියාව සිටි ධර්ම ශ්‍රී ඒකනායක ජනාධිපති මාධ්‍ය අංශය වෙත රිංගවූ අතර ඔහු මේ වනවිට ජනාධිපතිවරයාගේ නිළ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිටී. 

Top