මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ ඉඩමක විහාරස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වා පසුගිය 5වන එම ස්ථානයේ කලබලකාරි තත්ත්වයක් ඇති කර පසුව උපවාසයක නිරතවී සිටි තිදෙනෙකු  මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව අප පසුගියදා අනාවරණය කළා.අදාළ පුවත – (ඊළාම් බිමේ පන්සල් බෑ – මුලතිව් කොක්කුලායි පන්සල ඉදිකිරිම අතරමග නවති)

මේ අතර මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විහාරස්ථානයක් ඉදිකිරීමට උත්සාහ කරණ බවත් වාහාම උතුරු පළාතේ විහාරස්ථාන ඉදිකිරිම නතර කරන ලෙසත්  පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන තිදෙනා වෙත  පැමිණිළි කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ලබන සතියේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවාරයේදී මේ සම්බන්ධයෙන් කතා කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ප්‍රකාශ කර ඇත.

“මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක විහාරස්ථානයක් ඉදිකිරීමට එරෙහිව 2015.06.05 වන දින ජනතාව විසින් උද්ඝෝෂණයක් පැවැත්වූ අවස්ථාවේදී, පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන, ඉන් අනතුරුව නිදහස් කර ඇත. පසුගිය මහින්ද රාජපක්‍ෂගේ රජය යටතේ මෙවැනි උත්සාහයන් විශාල වශයෙන් සිදුවී ඇති බවද ඔහු පවසා තිබේ.

Top