ඊළාම් සිහිනය ඇතට විසිකිරිමට කටයුතු කල මහින්ද රාජපක්ෂව  අපගේ ජනතාව විසින් පරාජය කළ බව තමිලඅරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යාපනය නවපුරම් ප්‍රදේශයේදි පැවැති වැඩසටහනකට සහභාගිවී වෙමින් අනාවරණය කළා.

“අපගේ ජනතාව පරාජයට පත්වූ ප්‍රජාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි. නමුත්, උතුරු නැගෙනහිර පැවැති සෑම මැතිවරණයකදීම අපගේ ජනතාව විසින් මහින්ද රාජපක්ෂව පරාජය කළා එයයි සත්‍ය” 

මේ අතර මහින්ද රාජපක්ෂගේ පවුලේ කවුරුන් පාලන බලයට පැමිණියත්, එය දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරින,දෙමළ ජනතාවගේ අනාගත අපෙක්ෂාවන් විනාශ කරන පාලනයක් වන බව කොටි සංවිධානයේ සමිපත්ම සගයෙකු වන සන් කුගවරදන් ප්‍රකාශ කර තිබේ.

මුල්ලිවායික්කාල්හිදි දෙමළ ජනතාව විශාල වශයෙන් ඝාතනය කල මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට නැවතීමේ තිත නොතැබුවහොත්, රට තුල නැවත ජාතිවාදය ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කර ඇත. බම්බලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

Top