දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකර ගැනීම, සියලූම ජනතාව පිළිගන්නා දේශපාලන විසදුමක් සදහා වු යාන්ත‍්‍රණයන්, අනිකුත් අවශ්‍යතාවයන් සදහා ගතයුතු පියවරයන් සම්බන්ධල උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන සමහර ප‍්‍රශ්න පිළිබඳව, ත‍්‍රස්තවාදි මර්ධන පනත යටතේ රදවා තබාගෙන සිටින රැඳවියන්ව නිදහස් කිරීම, අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් පියවරයන්, හිටපු සටන් කාමින් රටට පැමිණෙන විටදී අත්අඩංගුවට ගැනීම, කාන්තා නායකත්වයෙන් යුත් පවුල්වල ජීවනෝපාය ප‍්‍රශ්න සහ නිදහස් කරන බවට පොරොන්දු වී තවමත් නිදහස් නොකල ඉඩම් සම්බන්ධ”ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වහාම විසදුම් ලබාදිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වු බව දෙමළ ජාතික සන්ධානය දමිළ මාධ්‍ය හරහා වාර්තා කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පෙරේදා (24) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතර සිදුවු හදිසී හමුවේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලන විසදුමක් සදහා වු යාන්ත‍්‍රණය මැතිවරණයකට පෙර සකස් කිරිමට කටයුතු කරන ලෙසට දෙ.ජා.ස. ඉල්ලා තිබේ.

දෙ.ජා.ස. ය පාර්ශවයෙන් එහි නායක ආර්. සම්බන්ධන්, පා. මන්ත‍්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ.සුමන්දිරන්, පොන් සෙල්වරාසා, සෙල්වම් අඩෙයිකලනාදන් යන අය සහභාගී වි ඇති අතර ජාත්‍යන්තර බෙදුම්වාදී කල්ලියේ ලාංකිය ඉත්තා වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද සහභාගි වි තිබේ.

මිට අමතරව යුද්ධයෙන් පසුවද යාපනය අර්ධද්විපයේ යුද හමුදාවල නාවික හමුදාව සහ පොලිසිය පුද්ගලික ඉඩම් 7779 ක් තබාගෙන සිටින තත්ත්වයක තමන්ගේ ඉඩම් අහිමි වු තත්ත්වයේ පවුල් 10496ක් ජීවත් වෙමින් සිටින බවත් ඔහුන් වහාම ඉවත් කල යුතු බවද දන්වා තිබේ.

Top