තවදුරටත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන නාටකය පෙන්වමින් පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කර ගැනිම පහසු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍යවරයාට දැනුම් දි තිබේ.යහපාලන දින 100ට පසුවි දින 60ක කාලයක් පාර්ලිමේන්තුව පවත්වාගෙන යැමට රනිල්ගේ බලපෑම මත සිදුකලද කුඩා පක්ෂ සහ මෛත්‍රීපාලට අනුග්‍රහය දැක්වවු ඇතැම් කණ්ඩායම් මේ වනවිට සිදුකරන බලපැම් හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවිම හැර වෙන කල කිසිවක් නොමැති බවද මෛත්‍රී දැනුම්දි තිබේ.

මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා සහ බෙදුම්වාදීන්ට ඇති  ලොකුම හිසරදය වි ඇති මහින්ද රාජපක්ෂ භිතීකාව පාර්ලිමේන්තුව විසුරුවාලීමට තිබු ලොකුම බාධකය වුවද දැන් ඒ සම්බන්ධයෙන් ගතහැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බැවින් පාර්ලිමේන්තුව විසුරුවාලිමට යහපාලන රජය තිරණය කර තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර ඉදිරි පැය 24ක් තුල පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් රජයට එරෙහිව සුළු පක්ෂ සියල්ල එක්කර ගනිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරිම හා මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා යහපාලන ආණ්ඩුව ගොඩනැගිම සදහා එම පක්ෂ සමග ඇතිකර ගත් එකඟතාවයන් සහ ගිවිසුම් රටට හෙලිකිරිමට කටයුතු කරන බව සුළු පක්ෂ නායකයන් එක්ව කල සාකච්ඡාවකදී තිරණය කර තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව රටේ බහු පක්ෂ දේශපාලනය අවසන් කොට පක්ෂ දෙකකට, පවුල් දෙකකට පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර දීම බව ජනතා විමුක්ති පෙරමුණෙ චොදනා කර සිටි.

Top