බෙදුම්වාදීන්ගේ කටයුතු තමන්ට රිසිසේ කරගැනිමට වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු නොකරන හෙයින් වහාම ඔහු ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් කල ඉල්ලිමට ඉක්මන් පිළිතුරු ලබාදිම පිළිබඳව ද්‍රවිධ ජාතික සන්ධානය සිය සතුට පලකර තිබේ.

වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාට කඩිනමින් ස්ථාන මාරුවක් ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා තමන් හමුවේ පොරොන්දු වූ බව දෙමළ රාජ්‍ය පක්ෂය පවසනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ එය කල ඉල්ලිමට ක්ෂණික පිළිතුරු දක්වමින් වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා මාරු කර තිබේ.

වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් පළාත් සභාව යෝජනාවක් සම්මත කරගත්තා.ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින් පසුගිය 23 උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් විරෝධතාවකද නිරත වුණා.

දේශපාලනඥයන්ගේ ක්‍රියාවන් හමුවේ නොසැලී කටයුතු කරන වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ සේවය අවශ්‍ය බව පවසමින් අත්සන් එකතු කිරීමේ වැඩසටහනක්ද වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එය සංවිධාන කර තිබුණේ ප්‍රදේශාවාසීන් සහ රාජ්‍ය නිලධාරීන් විසිනි.

Top