20 වැනි ව්‍යවස්ථා සංශෝධනය රනිල් -මෛත්‍රී නාටකයක් බව හෙලිවිමත් සමග ශ්‍රි ලනීපයට සහය දක්වන සුලු පක්ෂ සියල්ලම මෛත්‍රීපාල සිරිසේන සමග ගැටුමක් ඇතිකරගෙන තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින්ම රනිල් වික්‍රමසිංහ පිං අගමැති ප්‍රමුඛ එජාප හොර මුල බලයේ තබාගනිමින් කල් මැරිම සදහා ගෙන ආ එකක් බව දැන් හෙලිවි තිබේ.මහින්ද රාජපක්ෂ මහතා බලයට එම් වැලකිවිමට කුමන්ත්‍රණය කරමින් සිටින රටේ ජනතා වරමකින් යලි පාර්ලිමේන්තුවට පිවිසිමට නොහැකි ප්‍රා නායකයන් වන රාජිත හා පාඨ්ලී සහ ශ්‍රිලනිපය බෙදුම්වාදීන්ට විකුණු චන්ද්‍රිකා අම්මඩි ඇතුලු මෛත්‍රීගේ පිලේ නිදන ශ්‍රිලනිප කාරයන් කිහිපදෙනකුගේ එකමුතුවෙන් මෙම 20 වැනි නාටකය අධ්‍යක්ෂණයකර ,නිෂ්පාදනය කර තිබේ.

මේ අතර මුස්ලිම් කොංග්‍රසය හා ද්‍රවිධ ජාතික සන්ධානය සහ ජාතික හෙළ උරුමයේ නිශාන්ත පිල මේ වනවිටත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලාගන්නා ලෙස රජයට බලපැම් කරමින් සිටින අතර ද්‍රවිධ ජාතික සන්ධානය මෛත්‍රීපාල සිරිසේනට බලකරමින් සිටින්නේ වහාම පාර්ලිමෙන්තුව විසුරුවා හරින ලෙසයි.

මහින්ද රාජපක්ෂ වේගයෙන් ජනතාව අතරට එමත් සන්ධාන නියෝජනය කරන ශ්‍රිලනිප හැර අනෙකුත් සියලුම පක්ෂ හා සංවිධාන මෛත්‍රී ඇතුලු කල්ලිය අතහැර දමා යැමත් සමග මෙම අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා උදේ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ විශේෂ හමුවක්‌ කැඳවූයේ 20 වන සංශෝධනය ගැන කතා කරන්නටය. රැස්‌වීම ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු අතර මෛත්‍රී රැස්විම සදහා පාර්ලිමේන්තුවට ගොස් තිබේ. පසුව ප්‍රමාද වි පැමිණි මෛත්‍රී පැවසුවේ….

“මම ඔයගොල්ලන්ට නිවැරැදි තැනට එන්න කියල පණිවුඩ යවලා මම ගිහින් තියෙන්නේ වැරැදි තැනට නේ. මම ගියානේ රැස්‌වීම තියෙන්නේ පාර්ලිමේන්තුවේය කියල හිතාගෙන පාර්ලිමේන්තුවට. බැලින්නම් මෙහේ… ඊට පස්‌සේ තමයි මෙහාට ආවේ…”

Top