හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් දියත්වන්නේදැයි සැකයක් පවතින බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා අද මාධ්‍ය හමුවකදි අනවරණය කළා.2015 ජූනි 09 වන දින තම සංවිධානය විසින් මේ පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවත්, ඒ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට යොමුකරන බව දන්වා තිබුණු බවත් ඔහු අද කියා සිටියා.

ඒ අනුව ඉදිරියේදී ‘මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරේ” බවට පෙන්වා දෙන විශේෂ වාර්තාවක් සකස්කොට එය ජනාධිපතිවරයාට,ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට සහ රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද වීරතුංග මහතා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ නීතිඥ සිසිර ජයකොඩි මහතා කියා සිටියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 300 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා පළවී ඇති බවයි.

මේවන විට මහින්ද රාජපක්ෂ මහතාට මිනී මරුවෙක් බවට ව්‍යංගයෙන් අභූත චෝදනා එල්ල කරමින් තිබෙන බවත්, දෙදෙනෙකු මැරූ බවට එලෙස රංජන් රාමනායක වැන්නන් චෝදනා කරන බව වෙබ් අඩවිවල පළවන බවත් වීරතුංග මහතා සඳහන් කළේය.

හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ අතුල නිමලසිරි ජයසිංහ මහතා ජීවිතක්ෂයට පත්වූයේ අරලියගහ මන්දිරයේදී බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසන බවත්, එයින් අදහස් කෙරෙන්නේද රාජපක්ෂ මහතාට එහි වගකීම පැවරීමට ගන්නා උත්සාහයක් බවත් ඔහු කියා සිටියේය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාද පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ රැස්වීම් තිය තිය යාම ළඟදීම නතරවෙනු ඇති බවට ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු නීතිඥ ශ්‍රී දොලවත්ත කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු හෙදියකගේ සහ වෛද්‍යවරයෙකුද එතුමාගේ කාර්ය මණ්ඩලයෙන් ඉවත්කොට නැවත කැඳවා ඇති බවයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ නායක පිං අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්ව බෙදුම්වාදී චන්ද්‍රිකා-මෛත්‍රී-රාජිත සහ කෝටි ත්‍රස්තවාදීන් අවස්ථා ගණනාවක උත්සහයන් ගනිමින් සිටින බව අප පසුගිය කාලසිමාව තුල අවස්ථා ගණනාවකදි ආනාවරණය කළා.

එම වාර්තාවන් බලන්න 

>කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

>මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතයට තර්ජනයක්- වහාම පරික්ෂණයක් අවශ්‍යයි

>හිටපු ජනපති මහින්ද ඝාතනයට සැලැස්මක්!

>මහින්ද ඝාතනයට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් උත්සහයක!

>“”කොණ්ඩ රිස්වාන්”” ඝාතනයට සුදානමක්!

>පාතාල නායක “රතු චයිනා” වැලිකඩින් පන්නයි -ආ ගිය තැනක් නෑ

Top