දුර්දාන්ත දින 160ක යහපාලන බෙදුම්වාදී ආණ්ඩුව පරාජය කරමින් යලිත් රට නිවැරදි මගට යොමු කිරිම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඇරඹෙන මැතිවරණ සටනට සහ ණවිරුවන්ට සහ රටට සෙත් පතා ස්වාමින්වහන්සේලා 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ආශීර්වාද කිරිමේ මහා  පිරිත් සජ්ඣායනා පිංකම හෙට සවස පැපිලියාන සුනේත්‍රා දෙවි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්විමට නියමිතයි.

පැපිලියාන සුනේත්‍රා දෙවි පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශී‍්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, මැදගොඩ අභයතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආශීර්වාද පැතිමේ උත්සවය පැවැත්විමට නියමිතයි.

මේ අතර රණවිරුවන්ට සහ රටට සෙත් පතා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති ජය පිරිත් දේශනයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අවසර ලබාගෙන තිබියදීත් ඊට යහපාලන ආණ්ඩුව විසින් බාධා එල්ල කර තිබේ.

Top