එක්සත් ජනතා නිදහස් සන්ධානය,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ මහින්ද රාජපක්ෂ එකට එක්ව මහා මැතිවරණය සදහා තරග වැදිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමත්ත ප්‍රකාශ කර තිබේන අතර ඒ සම්බන්ධයෙන් රටට දැනුම් දිමේ විශේෂ මාධ්‍ය හමුව අද දහවල් 12.00ට පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කර තිබුනද අවසාන මොහොතේ ඉන්දිය රජයෙන් මෛත්‍රීට එල්ල වුනු දැවැන්ත තර්ජනය හමුවේ එම මාධ්‍ය හමුව කල් තැබිමට සිදුව තිබේන බව අප විශේෂ දේශපාලන  වාර්තාකරු සදහන් කළා.

ඉන්දිය රජයේ නියෝජිතයෙකු දුරකත්නයි ඔස්සේ මෛත්‍රී අමතා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට සහය දැක්විමට කටයුතු කලහොත් තමන්ගේ ජනධිපතිකම පවා අහිමිවි යනු ඇති බවයි.බෙදුම්වාදීන්ගෙ එකමුතුවෙන් ජනපති ධුරයට පත් මෛත්‍රී දැන් කරකියා ගැනිමට කිසිවක් නැතිව සිටින බවයි වාර්තා වන්නේ.මේ වන විට හදිසි හමුවක් මෛත්‍රී කැදවා ඇති අතර සවස 4 වනවිට ඒ සම්බන්ධයෙන් තමන්ගේ තින්දුව ප්‍රකාශ කිරිම සුදානම් බවත් ඒ දක්වා කල් ලබාදිමට කටයුතු කරන් ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාටද දැනුම් දි තිබේ.

Top