ජූනි 12 මාතර ජන රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුවරු සහිතව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහන රාශියකට නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරමින් දඩ කොළ නිකුත් කර තිබේන බව කිහිප දෙනෙකුම තොරතුරු එවා තිබේ.

“කොට්ටාව පිවිසුම් දොරටුවෙන් අධිවේගී මාර්ගයට පිවිසි අපේ ගමනාන්තය වෙත අපි ලගාවීමේදී අප ගමන්කල වේගය පැයට කිලෝමීටර 94.5 කි. නමුත් අධිවේගී මාර්ග අවසාන පිටවීමේ දොරටුවෙන් අපිව නවතාලන පොලීසිය අපිට ප්‍රකාශ කරන්නේ අප පැයට කිලෝමීටර 120ත් 140ත් අතර වේගයක් ගමනාන්තය දක්වා පවත්වාගෙන ඇති හෙයින් අපට දඩමුදලක් ගෙවීමට සිදුවන බවයි. අප සතුව ඇති කොට්ටාවෙන් පිවිසුමෙන් ලබාදුන් ප්‍රවේශ පත්‍රයේ සටහන්ව ඇති වේලාව හා පිටවීමේ දොරටුවෙන් ලබාදෙන ප්‍රවේශ පත්‍රයේ සටහන වේලාව සන්සන්දනය කරන ලෙස අප එහිදී පොලීසියෙන් ඉල්ලා සිටියත් ඔවුන් කිසිලෙසකටත් එයට සූදානම් වූයේ නැත.

 ඒ වෙනුවට ඔවුන් කලේ අපිව කෝපයට පත් කිරීම සදහා ඇසැබි වචන භාවිතා කොට අපිව ඔවුන් සමග ගැටුමකට හසුකොට ගැනීමට උත්සාහ දැරීමයි. නමුත් පොලිස් ගැට වලට හසු නොවී අපි සමාදානව නික්ම ගිය අතර, මෙය ඔබ වෙත හෙළි කරන්නේ ඔබත් මීළඟ පොලිස් බිල්ල විය හැකි නිසාවෙනි.”

යහපාලන දඩ පොලිසිය 
යහපාලන දඩ කොලය 

පැය 1 විනාඩි 39කින් මාතරට යැම අධිවේගයෙන් යැම 

Top