Exclusive-එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිඳවැටීමින් තිබෙන අග්‍රාමාත්‍ය ධුරය රැක ගැනිම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමට සීමිත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව LNW ඔත්තුකරුවන් අනාවරණය  කරගෙන තිබේ.

ජනාධිපතිවරණයෙන් ලත් පරාජය පිළි නොගෙන කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් සිදුකරන පරික්ෂණ වෙනත් අතකට යොමු කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව චොදනා ගොනුකර මේ අකාරයට අත් අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය  කරගෙන තිබේ.

කෙසේ නමුත් මෙම ක්‍රියාවලියට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය විරෝධය පලකර ඇති අතර ඒ නිසාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නොදන්වාම මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශයේ තනතුරු රැසක් වෙනස් කිරිමට මෛත්‍රී කටයුතු කර තිබේ.

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලනය ප්‍රතිඥා දී තිබුනද පසුව එය මංගලගේ කොම්පියුටර් ජිල්මාට් කතාව මෙන්ම අතේ පැලවෙන පචයක් බව මෛත්‍රී වටහාගෙන තිබේ. 

නිවසක් ඇතුලුව හිටපු ජනාධිපතිවරුන්ට ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයක් ලබාදිමට මේ දක්වා වත්මන් රජය කටයුතු කර නැති අතර එම වරප්‍රසාදයන් වැලක්විම් පසුපස ඇත්තේද මෙම් කුමණ්ත්‍රනය බව අනාවරණය වී තිබේ.  

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top