මහින්ද රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ජනතාව ගොනාට ඇන්දවු හංසයා ලකුණ අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කිරිම සුදානමක් එක්සත් ජාතික් පක්ෂය තුල පවතින බව වාර්තා වේ.මහින්ද රාජපක්ෂ මැතිවරණයට තරග කරන්නේ නම් මේ මැතිවරණයෙන් අවම වශයෙන් සියයට 35ක ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ලබ ගැනිමට නම් හංසයා ලකුණින් ඉදිරිපත් විය යුතු බවට රනිල්ගේ කොලු හමුදාව ගණන් හදා පෙන්වා දි තිබේ.

මිට අමතරව පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂලාට මඩ ගසමින් කටයුතු කල ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යකරුවන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හමුවී හංසයා ලකුණින් තරඟ කරන්නැයි ඉල්ලීමක් ද කර තිබේ. තමන් සංවිධාන වලට අලියා ලකුණට සහාය දැක්වීමට නොහැකි බවත් එසේ වුවහොත් සමාජය තුල කොන් විය හැකි බවත් ඔහුන් පෙන්වා දි තිබේ.

මේ අතර අලියා ලකුණ අතහැර මැතිවරණයට ඉදිරිපත් විමට එජාප නායකත්වය තිරණය කලහොත් එයට එරෙහිව තම කණ්ඩායම සටන් කරන බව සජිත් ප්‍රේමදාස පාර්ශවය රනිල්ට අනතුරු අගවා තිබේ.

Top