හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ම පමණක් බව මේ වනවිට තහවුරු වි තිබේ.හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නිසැකවම එම අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා ගෙන යමින් පවතින මූලෝපායී ක්‍රියාමාර්ග මේ වනවිට හෙළි නොකර සිටිමට සියලුම් දෙනා අතර එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම විසින් අත්පත් කර ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව අප පසුගියදා වාර්තා කළා.(එම වාර්තාව කියවන්න – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය මහින්ද වාදින් අතට)

යම් හෙයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණයේ මාර්ගයට ගෙන එම සදහා බලය ලබා නොදුන හොත් ඒ සදහා ගත හැකි ක්‍රියාමාර්ග රැසක්ද මේ වනවිට තින්දු කර තිබේ.ඒ සියල්ලම ගෙවෙන දින කිහිපය තුලදි සිදුවන දේශපාලන විපර්යාසයන්ට අනුව ක්‍රියාත්මක කිරිමටද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කමිටුව තින්දු කර තිබේ.

Top