තමන්ට උපදේශක පට්ටම්ක් ලබාදුන්නේ මහින්දට සහය නොදිමට අල්ලසක් වශයෙන් නම් කිසි දවසක එය සිදු නොවන බව මෛත්‍රී දැන්ම දැනගෙන සිටිම ඇගට ගුණ බව හිටපු අගමැති දිමූ ජයරත්න LNW විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශකවරුන් ලෙස හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා හා දිමූ ජයරත්න මහත්වරුන් පසුගියදා පත්කල අතර පොදුජන එක්‌සත් පෙරමුණේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මහ ලේකම්වරයා ලෙස හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා කටයුතු කරනු ලබයි.

හිටපු මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‘බුලත් කොළයෙන්’ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරගෙන සිටින බවත් එයට ජනාධිපතිවරයාගේ කැමැත්ත නොලැබී ගියහොත්, පොදුජන එක්‌සත් පෙරමුණ යටතේ ‘පුටුව’ ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස්‌ කරගෙන සිටි.

කෙසේවතත් එම ඉව වැටුනු මෛත්‍රී වහාම දිමූ ජයරත්න ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කර ගැනිමට කටයුතු කළ බවට තමන්ට ඇතැමුන් චොදනා කල බවත් දිමූ ජයරත්නපවසා තිබේ.නමුත් කවුරුන් මොනවා කිව්වත් තමන් ඔනෑම වෙලාවක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බව මෛත්‍රී-රනිල් මතක තබාගත යුතු බවද අවධාරණය කර තිබේ.

Top