මුටිටිය දමා බැලිමේ එජාප න්‍යායට හසුවි ඡන්දය ඉල්ලිමට අපේක්ෂකත්වය දෙන බවට කැරට් අලය පෙන්වමින් යහපාලන ආණ්ඩුව පිහිටුවිමේ මැතිවරණ මෙහෙයුම ආරම්භ කරමින් වැඩ ගත්තද එදා කඩේ ගිය රැසකට නාම යොජනා නොලැබි යාමේ තත්ත්වයක් උදාවි ඇති බව වාර්තා වේ.

මෙම පිරිස අතර රාජපක්ෂ රජය සමයේ පළාත් සභා සහ ප්‍රාදේශිය සභා නියෝජනය කළ මන්ත්‍රිවරුන් මෙන්ම රාජපක්ෂලාට මඩ ගැසිමට රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවාගෙන සිටි කණ්ඩායම් නායකයන් කිහිපදෙනකු සිටින බවයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

ඉකුත් ජනාධිපතිවරණ සටන ආරම්භ විමට පෙර මුට්ටිය දැමිමේ කලාව සදහා මෙම මන්ත්‍රිවරුන් ඇතුලු පිරිස් එජාප නායකයා විසින් පාවිච්චි කර ඇත්තේ ඊළග මහා මැතිවරණයකදි එජාප අපෙක්ෂකත්වය ලබාදෙන බව පවසමිනි.නමුත් මේ වනවිට මැතිවරණ සටන වෙනුවෙන් කෝටි ගණනින් මුදල් යෙදවු ජාවාරම්කාරයන් රැසකට සහ රනිල්ගේ කොලු රැනේ කිහිපදෙනකුට නාම යෝජනා ලබාදිමට සිදුවිම නිසා මෙම තත්ත්වය උදාවි තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර යහපාලන කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි රෝසී සේනානායකගේ සම්බන්දීකරණ ලේකම්වරයා ලෙස පසුගියදා පත්කර ගත් සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය ශිල්පී නපුංසක චන්දිමාල් ජයසිංහට කොළොඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරිම සදහා අවස්ථාව ලබාදිමට පක්ෂ නායකත්වය එකඟ වු බවද වාර්තා වේ.

Top