2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඝාතනය කල බවට සාක්ෂි රහිතව මෙතෙක් කලක් පවත්වාගෙන ආ නඩුවක් ඉවත් කිරිමට සුදානමින් සිටියදි යහපාලන ආණ්ඩුවේ බලපෑමෙන්  යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට අද මරණ දඬුවම නියම කර තිබේ.

2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී හමුදා සෙබළුන් 5 දෙනෙකු විසින් අහිංසක දමිළ වැසියන් ඝාතනය කල බවට 2002 පෙබරවාරි 22 වැනිදා පැවැති එ.ජා.ප. රජය සටන් විරාම ගිවිසුම නමැති ලියවිල්ල කොටි ඝාතන සමාගම සමඟ අත්සන් කල ලියවිල්ලෙන් පසුව 2002 දෙසැම්බර 19 වැනිදා වහාම පරික්ෂණ ආරම්භ කර හමුදා සෙබළුන් 5 දෙනෙකුට එරෙහිව චොදනා නගමින් සිරගත කිරිමට එවකට රටේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ලැබුවා.

පසුව මෙහි ඇත්ත නැත්ත සොයා හමුදා සෙබළුන් 5 දෙනා සම්බන්ධයෙන් කටයුතු කිරිමට  ත්‍රී පුද්ගල විනිසුරු මඩුලක් පත්කරනු ලැබු අතර මේ දක්වාම හමුදාවට නඟා තිබුනු චොදනා සියල්ලම අසත්‍ය බව ඔප්පු වි තිබුනා.

නමුත් අවසානයේ අද බෙදුම්වාදී රූකඩ බවට පත්ව සිටින යහපාලන රෙජිමය හමුදා සෙබළුන් පාවාදෙමින් අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ බවට චොදනා නගමින් යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් හරහා මරණීය දණ්ඩනය ලබාදිමට කටයුතු කළා.

යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටිය අතර  ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබු අතර ඒ අනුව ඉතා පැහැදිලිව බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මත එක් හමුදා සෙබළෙකුට මරණිය දණ්ඩනය ලබා දුන්නා.

Top