යහපාලනය නැමති බෙදුම්වාදී අවජාතක ආණ්ඩුව නිර්මාණය කිරිමට සැබෑවටම කටයුතු කල පියවරුන් දැන් වඳ පියවරුන් කිරිමට ඇතැමුන් කටයුතු කරමින් සිටින නිසා රාජපක්ෂ ආණ්ඩුව පෙරලීමට දිය යටින් ගීනී ගෙනගිය බොහෝ දෙනෙකුට අද හිමිව ඇත්තේ යහපාලනයේ පිලිකන්න පැත්තය…..මේ යනවිදියට ගියහොත් පිලිකන්නත් ලගදිම අහිමිවන බව දැන් දැන් ඔහුන්ට වැටහි තිබේ.රාජපක්ෂලාට එරෙහිව ගැසූ ගේම් එකේ ප්‍රධාන වශයෙන් ක්‍රියාකල තිදෙනෙකු සිටි. ඒ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවිර හා රුවන් ප්‍රදිනන්දිස් චන්ද්‍රිකා-මංගල ගසන ගැට එලියේ ක්‍රියාත්මක කිරිම රුවන්ගේ කාර්යභාරය වුනා.

රාජපක්ෂලාට එරෙහි කුමන්ත්‍රණයේ පලමු පියවර වුයේ අනුර කුමාර දිසානායක එක්සත් ජාතික් පක්ෂයට කඩේ යන්නේකු බවට පත්කර ගැනිමයි.ඒ සදහා ජවිපේ පැරණි සහොදරයා වන රුවන් තමන්ගේ කාර්යභාරය නියමෙට ඉටුකරමින් විවිධ වරප්‍රසාද ලබා දෙමින් අනුර කුමාර එජාප නායකයාට ඔනෑ විදියට කඩේ යන්නෙකු බවට පත් කලා. 89 ජවිපෙ  නැගිටීම තුල පතෝල චරිතයක් වු අනුර ජවිපෙ නායකත්වට පත් කිරිමේ කාර්යභාරයෙදි මාධ්‍ය මාෆියාව නිසි අයුරින් මෙහෙයවමින් රුවන් අනුරට තවත් ලංවු බව නොරහසකි.
ඒ අනුව චන්ද්‍රිකා-මංගල හරහා ඉන්දිය ආණ්ඩුව ලබාදුන් රුපියල් කෝටි ගණන් මුදල්වලට යටවු අනුර මහින්ද පන්නා රනිල් අතට බලය ලබාදිම සදහා සිය සුනඛ ජවිපෙ සමාජිකත්වය මෙහෙයවනු ලැබුවා.
චන්ද්‍රිකා-මංගල-රුවන්ගේ ඊලඟ ඉලක්කය වුයේ රටේ ජාතිවාදය ඇවිස්සීමයි. ඒ හරහා මුස්ලිම් පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාට දක්වන සහය ඉවත් කර ගැනිම මුලික අරමුණ වු අතර ඒ සදහා බොදුබල සේනාව භාවිතා කිරිමට චන්ද්‍රිකා-මංගල රුවන් රිමොට් කොන්ට්‍රෝලය භාවිතා කල අතර රුවන් යොදවා අල්ලා ගත්තේ කවදත් මුදල්වලට කෑදර බොදුබල සේනාවේ න්‍යායාචාරයෙකු සහ මෙහෙය වන්නාගේ කාර්යභාරය ඉටුකරන ඩිලන්ත විතානගේය.සැම දිනකම ඩිලන්තවද පැයකට හෝ මුණ ගැසුනු රුවන් මුස්ලිම් ප්‍රජාව තුල රාජපක්ෂලා සම්බන්ධයෙන් කලකිරිම වන අකාරයට කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් මංගලගේ හා චන්ද්‍රිකාගේ පණිවිඩ ලබාදුන් අතර අවස්ථා ගණනාවකදි බොදුබල සේනා සංවිධානයේ කැපී පෙනෙන චරිතයක්ව සිටි  ගලගොඩ අත්තේ ඥාණසාර මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වමින් ප්‍රසිද්ධියේ පෙනී සිටිමට උත්සහ කලද එම උත්සහයන් සියල්ලම රුවන් ඩිලන්ත සමග එක්ව ව්‍යාර්ථ කර දැමුවා.අවසානයේ අලුත්ගම ධර්ගා නගරයද ගීනී තැබු ඩිලන්ත රාජපක්ෂලා කෙරෙහි මුස්ලිම් පක්ෂ හා ජනතාව තබා තිබු විශ්වාසය බිද දැමිමට සමත් වුනා.මේම කුමන්ත්‍රණයන් වෙනුවෙබ් දිලන්ත විතානගේට ලැබුනු මුදල් අදටත් ඔහු වියදම් කර නැති බව පසුගිය දිනක ඔහුම රුවන්ට පවසා තිබේ.
සිංහල බෞද්ධ පදනමට තදින් පහරදිමෙන් මිස කිසිදිනක රාජපක්ෂලා පැරදවිම සිහිනයක් බව තෙරුම් ගත් චන්ද්‍රිකා-මංගල-රුවන්ගේ ඊලඟ ඉලක්කය වුයේ ජාතික හෙළ උරුමයයි.ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශ ලෙස කටයුතු කරන නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ හා චම්පිකගේ බටයා වන ධනුෂ්ක රාමනායක අල්ලාගත් රුවන් ජාතික හෙළ උරුමය තුල රාජපක්ෂ භීතිකාව නිර්මාණය කරමින් දිනපතා මාධ්‍යට කිවයුතු දේ සම්බන්ධයෙන් රුවන් පාඩම් කියාදුන් අතර ඒ හරහා ජාතික හෙළ උරුමය තුල ප්‍රශ්ණයක් නිර්මාණය කිරිමට චන්ද්‍රිකා-මංගල-රුවන් සමත්විය.

ඒ අතින් ගත්විට රුවන් යනු හොද කුමන්ත්‍රණ කාරයෙකි.පසුගිය දවසක චන්ද්‍රිකා-මංගල-රුවන් එකට හමුවු අතර එහිදි චන්ද්‍රිකා කියා සිටියේ “… අර මහින්දයාව එලවන්න රුවන් කොච්චර වැඩ කළාද…නේද මංගල…දැන් අනිතිමට අපි අමාරුවෙන් ආණ්ඩුව් හැදුවම ඒවාට අයිතිවාසිකම් කියන්න නම් ඔනෑ තරම් එවුන් ඉන්නවා”යනුවෙනි.

රුවන්ද එයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ…ඔව් මැඩම්…දැන්නම් අයිතිකාරයෝ ඔනෑ තරම්…ඒ අය ඔක්කෝම ඉස්සර රාජපක්ෂලා ලග දෙකට නැමිලා හිටපු අය…..

රුවන් මෛත්‍රී ආණ්ඩුවේ බලය අල්ලනවාට අකමැති බහුතරයක් සිටි…..ඔහුන්ට ඒ අමාරුව හැදි ඇත්තේ ඇයිද යන්න දන්නේ රුවන් සහ රුවන් සමග මාෆියා වේ යෙදුනු අයය.කෙසේ නමුත්  ‘වෙබ් මාෆියාවේ ගෝඞ් ෆාදර්’ ලෙස රුවන් විරුදාවලී ලැබිම මෙම සටනට හේතුවක් වුයේ නැත.හේතුව වුයේ මුදල්ය.

ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් එක්ව සිට ගනිමින් සටන් වැදුනු වෙබ් අඩවි අතර මේ වන විට දැවැන්ත කුලල් කා ගැනීම් ප‍්‍රමාණයක් ඇති වී තිබේ.මෙහි ප‍්‍රබලතම සටන ඇවිලී ගොස් ඇත්තේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මෙහෙයවන සඳරුවන් සේනාධීර හා  රුවන් ප්‍රදිනන්දිස් අතරයි.

දැන් නැවතත් රුවන්ලා ගැන රුවන්ගේම වෙබ් මාෆියාව හරහා නිවුස් ගසා ගමින් කැරකැවෙන්නේ හොදකට නොවන බව තෙරුම් ගතයුතුය.දැන් යන්න හදන්නේ මංගල අගමැති කරන පාරකය.ඒ සදහා මේ වනවිට බෙදුම්වාදීන්ගේ හිත දිනා ගැනිම සදහා මංගලලා කටයුතු කරමින් සිටි.රුවන්ලා එවා ගාණට මිම්මට සමාජ ගත කිරිමේ කාර්‍යය කරමින් සිටි.

Top