පසුගිය 17 වැනිද හිරු නාලිකාවේ “අද සහ හෙට” වැඩසටහන තමන්ගේ කුලුදුල්  වැඩසටහන කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුලම අර්බුදයක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාර මේ වන විට හෙලිකර ඇති නම් අතර සිටින ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කරුවන් අතර මුදල් ලබාදිමක් සම්බන්ධයෙන් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාද සිටින අවස්ථාවක ඔහුගේ සහොදරයාගේ නාලිකාවේ වැඩසටහනට සහභාගි විම තුලින් දුමින්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරිම් අතර සම්බන්ධයක් ඇති බවට සමාජය තුල සැදි ඇති මතය හේතුවෙන් රටේ මිනිස්සුන්ට මුහුණ දිමට නොහැකි තත්ත්වයක් හටගෙන තිබෙන බව එජාප කණ්ඩායම් පෙන්වා දි තිබේ. LNW විශේෂ නියෝජිතයා සිටින ස්ථානයක මේ පිලිබදව වු කතාවකදි හිරු විරෝධී කණ්ඩායමේ අයෙකු පවසා සිටියේ “අපේ ලොක්කාටත් සුදු කොල්ලේක් දැක්කොත් ඊතින් ඊට වඩා වැඩක් නෑ…”

ජාතික රුපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය අගමැතිවරයාට වැඩසටහන් සදහා ආරාධනාකර තිබුනද අගමැතිවරයාට එම වැඩසටහන් සදහා සහභාගි විමට වේලාව වෙන්කර ගැනිමට හැකියාවක් නැති බව  එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ ‍පුද්ගලික ලේකම් ලෙස කටයුතු කල කුරුදු පොලු හමුදාවේ කමාන්ඩර් කෙනෙකු වන සුදත් චන්ද්‍රසේකර දැනුම් දි තිබේන අතර හිරු නාලිකාව සදහා කාලය වෙන්කර දිමට පමණක් කටයුතු කර තිබේ.

වංචා හා දූෂණ සම්බන්ධයෙන් විභාග කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ප්‍රධාන වංචා, මූල්‍ය අපරාධ හා දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවන බව අගමැතිවරයා හිරු ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි හමුවේ කියා සිටි අතර අපට කිමට ඇත්තේ එවැනි පුද්ගලයන් අතර ප්‍රමුඛයෙකු වන රනි ලගම සිටින අංක එකේ ඩිල්කාරයෙකු වන සුදත් චන්ද්‍රසේකර සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරිමය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා අත් අඩංගුවට ගැනිම නතර කරන ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් නොකර සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාට තරජනය කරමින් සිටින සුදත් චන්ද්‍රසේකර  ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන රෙනෝ ද සිල්වා සමග ඉතා සමිපව කටයුතු කරන අයෙකු වන අතර රේනෝගේ මාසික පඩි ලැයිස්තුවේද රැදි සිටි.මිට අමතරව සුදත් කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාගේ මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුෂිත සජින් වාස් ගුණවර්ධනගේන්ද මාසික වැටුප් ලබන අයෙකි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top