2005 සහ 2010 ජනාධිපතිවරණ වලදී තමාට පැවති සහය අභිබවා ගොස් තිබේන බව  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෙඩිෆ්.කොම් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අනාවරණය කර තිබේ.පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා වෙත නැවතත් ජනප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බවත් තමා වෙනුවෙන් පැවැත්වූ ජන රැලිවලට අතිවිශාල ජනකායක් සහභාගි වීමෙන් ඒ බව පෙනී ගිය බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එදිරිවාදියෙකු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනයේදී එකිනෙකාට එරෙහිව තරග  වැදීම එවැනි එදිරිවාදිකමකට මුල් නොවන බවයි.2005 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තරගකර තමා ජයගත් නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ කිසිවිටෙකත් තමාගේ සතුරෙකු ලෙස නොසළකන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබේ.

තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකිදැයි රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවාව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඊට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය දැන් වෙනස් වී ඇති බවයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.

ජනපතිවරණ සමයේත්, ඉන් පසුවත් ඔහු සමඟ හොඳ සබඳතාවයක් ඇති කරගෙන සිටි බවයි.‘ජනපති සිරිසේනත් මාත් දශක ගණනාවක් ශ්‍රීලනිපයේ එකට වැඩ කළා. අප දෙදෙනාගේම අරමුණ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පවතිනු දැකීමයි.

Top