පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙකු ලෙස වසර ගණනාවක් සිටි අවංක පුද්ගලයකු ලෙස තමා විසින් තමාව හදුන්වා ගන්නා අර්ජුන රණතුංග 2013 ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 45 (ඇමෙරිකානු ඩොලර් $330,000) පමණ වටිනා නිවසක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය සිට කිලෝමීටර 100 පමණ අතින් පිහිටි රිවර්සයිඩ් නගරයෙන් මිලට ගෙන ඇත.

මාසිකව කොටස් වශයෙන් මුදල් ගෙවීමට නිවාස මිලට ගන්න ඇමෙරිකාවේ සාමාන්‍යය ක්‍රමය වුවත් අර්ජුන රණතුංග මුළු මුදල එකවර ගෙවා කෝටි 45ක් වටිනා නිවාස මිලට ගැනීමට මුදල් ඔහු ලග තිබී ඇත.

මෙම නිවස මිලට ගත අයගේ නම ලෙස ඇමෙරිකාවේ ලේඛන වල සදහන්ව ඇත්තේ ඔහුගේ කසාද බිරිද වන සමදර රණතුංගය.

2006 සාදා ඇති කාමර 4කින් යුත් මෙම තට්ටු 2ක නිවසේ නාන කාමර 2.5 ඇති අතර මුළු වත්තේ ප්‍රමාණය වර්ග අඩි 3,920 වේ. මෙම නිවසේ ලිපිනය වන්නේ: 4536 Filson St,Riverside, CA 92507 USA.

Arjuna (2)2014 වරිපම් බදු ලෙස වසරකට ඇමෙරිකානු ඩොලර් $3,566 (රු. 488,500) මොහු විසින් එනම් මසකට රුපියල් 41,000 ගෙවා ඇත. මිට අමතරව රක්ෂණ ආවරණය සදහා දල වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් $365 එනම් මසකට තව රුපියල් 50,000 මුදලක් විදම් කිරීමට ඇත. මේ අනුව එම නිවසට විදුලිය සහ ජලය යන වියදමට තව මසකට ඇමෙරිකානු ඩොලර් $275 එනම් මසකට තව රුපියල් 38,000 මුදලක් අවශ්‍ය ව ඇත.

මෙම නිවාස පිහිටා ඇත්තේ පුද්ගලික නිවාස සංකීර්නයක නිසා ‘නිවාස සංකීර්න ගාස්තුව’ (HOA Fee) සදහා මීට අමතරව මසකට ඇමෙරිකානු ඩොලර් $ 139 ගෙවිය යුතු වේ(රුපියල් 19,000). මේ මුදල ගෙවීමෙන් අර්ජුන රණතුංග පවුලට නිවාස සංකීර්නට අයත් පිහිනුම් තටාකය පරිහරණ කිරීමට හැකිය.

මේ අනුව රුපියල් 148,000 (එක් ලක්ෂ හතලිස් අට දහසක්) මෙම නිවාස නඩත්තු කිරීමට මසකට වැය වේ.

mapImgl95165b44-m0xd-w640_h480_q80පාර්ලිමෙන්තුවෙන් ලක්ෂ 2කට අඩු වැටුපක් ලැබූ අර්ජුන රණතුංග 2013 සිට මෙම නිවාස නඩත්තු කලේ මිනුවන්ගොඩ තම පවුලට අයත් වතු වලින් පොල්ගෙඩි විකුනාද යන්න දැන් අපට ඇති ප්‍රශ්නයි.

වැදගත්ම ප්‍රශ්නය වන්නේ මුළු මුදල එකවර ගෙවා මිලට ගැනීමට මොහුට මුදල් ලැබුනේ කෙසේද යන්නයි. ඇමෙරිකාවේ වෙසෙන පුද්ගලයන් අතර වුවත් එකවර මුදල් ගෙවා නිවසක් මිලට ගැනීමක් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි.

Arjuna (1)මහින්ද රාජපක්ෂ හොරුත් එක්ක ඉන්න හොර නායකයෙක් වන බවත් තමා හොඳට සබන් ගා ගත් හොඳ පිරිසිදු අයකු ලෙස හදුන්වන අර්ජුන රණතුංගගෙන් අප ඉල්ලා සිටින්නේ තම කසාද බිරිද වන සමදර රණතුංගය නමින් ඇමෙරිකාවේ ඉහත ලිපිනය සදහන් නිවාස මිලට ගැනීමට අවශ්‍ය මුදල් ලැබුනේ කෙසේද යන්න සහ එය නඩත්තුකිරීමට මසකට යන රුපියල් එක් ලක්ෂ විසිනව දහසක් ගෙවන්නේ කෙසේද යන්නත් ශ්‍රී ලංකික ජනතාවට පෙන්නුම් කරන ලෙසය.

පරදාර සේවනයේ නොයෙදන සාමාන්‍ය පුරුෂයකුට නඩත්තු කිරීමට ඇත්තේ එක ගෙයක් වුවත් මෙවැනි වැඩ කාරයකු පවුල් කීපයක් නඩත්තු කිරීමට සිදුවී ඇති වුඅද කෙසේ මෙම මුදල් කන්දරාව සොයාගෙන ඇති ආකාරය Mr. Clean කියා තමාව තමා විසින් හදුන්වන චරිතය තම පිරිසිදු කම මෙම මැතිවරණය අවසන් වන්නට ප්‍රථම ශ්‍රී ලංකික ජනතාවට පෙන්වා දිය යුතුය.

මෙය කිරීමට අපොහොසත් වුවහොත් Mr. Clean නාමය Mr.Dirty බවට පෙරලීම වැලක් විය නොහැකිය.

මෙම නිවාස සම්බන්දව නිවාස විකුණන වෙබ් අඩවියක සදහන් වුයේ මෙසේය:

Arjuna (1)Lovely newer built home in private community. Home has 4 bedrooms and 2.5 baths. Shutters and hardwood floors throughout the house. Kitchen has Maytag stainless appliances, granite countertops w/full backsplash and tile flooring. Family room has a cozy gas fireplace and is pre-wired for surround-sound. Ceiling fans in most rooms. Large master bedroom with walk-in closet. Separate laundry room w/gas hook-ups. Premium ADT alarm system w/video surveillance and sprinkler system keep home protected from burglary and fire. Nest learning thermostat system keeps the home comfortable w/maximum efficiency. The home comes with a 2 car attached garage w/epoxy flooring. HOA covers the front exterior up-keep of home and has community pool, spa, and BBQ area. Easy freeway access, close by shopping areas, parks and University of Riverside. Great family home for first time buyers or investors. Master bedroom can rent for $750 and other bedrooms for $500/ea.

About the house fron Zillow.com site

About the house fron Homes.com site

Top