“රනිල් වික්‍රමසිංහ මිනීමරුවෙක්”යනුවෙන් ජවිපෙ අනුර විරෝධී පිළේ බිමල් රත්නායක පසුගියදා රුපවාහිණි දේශපාලන වැඩසටහනකදි  කල ප්‍රකාශයට රනිල්ගේ කුක්කා වන අනුර කුමාර හෙවත් ඩිල් කුමාර බිමල් රත්නායකට අම්බානකට හොදම වචන වලින් බැන වැදි තිබේ.

හිරු රූපවාහිනියේ විකාශයවූ බලය රූපවාහිනි වැඩසටහනට එක් වෙමින්  බිමල් රත්නායක එහිදි පැවසුවේ ,රනිල් වික්‍රමසිංහ මිනී මරුවෙක් බවයි. සන්ධාන අපේක්‍ෂක අරුන්දික ප‍්‍රනාන්දුද මේ සදහා සහභාගිවී සිටී අතර ඔහු බටලන්ද කොමිෂන් සභා වර්තාව උපුටා දක්වමින් දිගින් දිගටම ජවිපෙ නියෝජිතයා අපහසුතාවයට පත් කිරීම නිසා බිමල්ට රනිල් වික්‍රමසිංහට කෙළවනවා ඇරෙන්න වෙන සිදු කිරීමට දෙයක් නම් තිබුණේ නෑ.

බටලන්දේ රනිල් වික්‍රමසිංහ අද ඉතිහාසය තුළ සිදුවූ සියල්ල අතුගා දමමින් රට තුළ දුර්භික්ෂයක් ඇති කරමින් නැවත බලයට පත්ව ජනතාවට කෙළවා ඔහු ජාත්‍යන්තර අවජාතකයන් සමග සුරසැප විදින්නට මාන බලමින් සිටී.මේ අවජාතක පුතුන්ගේ ඇමේණියාවට අතහිත දෙන්න ඩීල් කුමාර නැත්තම් අනුර කුමාරයා අමතක කර නෑ.

බිමල් රනිල් වික්‍රමසිංහට ප්‍රසිද්ධියේ බැණ වැදීම නිසා පශ්චාත් තාපයට පත්වූ අනුර කුමාර දිසානායක බිමල් රත්නායකටම මළ හතම පැන බැණ වැදී ඇති බව අප විශේෂ වාර්තාකරු පැවසුවා.එහිදි අනුර බිමල්ට පවසා ඇත්තේ ,

“තමුසෙට වැඩසටහන් වලට යන්න බැරි නම් පැත්තකට වෙලා ඉන්නවා අයිසේ.තමුසේ හදන්නේ මේ සේරම නැති කරන්නද ?කැරි වැඩ කරන්න එපා ඕයි .මේ තමුසෙට දෙන ලාස්ට් චාන්ස් එක බිමල් .ආයෙත් රනිල් මහත්තයාට ඔය තරම් දරුණු විදිහට විවේචනය කලොත් මම තමුසෙවත් එලවනවා.මතක තියාගන්නවා .මේ අන්තිම චාන්ස් එක ”

රනිල්ගේ කටු උරන මේ ලප කුමාර නොහොත් ඩීල් කුමාර මේ වන විට තමන්ගේ අපේක්ෂකයන් පවා අහක දැමීමට තරම් අද රනිල්ගේ රස උපරිමයෙන් දැනී ඇත.මුදල් වලට යටත්ව රට කන මේ කාළකන්ණින්ගේ ගමන වෙනස් නොකළහොත් නැවත වරක් බටලන්දේ වදකාගාරයක් රට තුළ ඇතිවීම ස්ථිරයි.

[box type=”info” ]ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය තවත් උග්‍ර අතට හැරෙමින් ඇති අතර මහා මැතිවරණයට පෙර තවත් මහා පිපුරුමක් සිදුවිමට නියමිත බව ඒම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සමාජිකයෙකු අප සමග Skype ඔස්සේ සම්බන්ධ වෙමින් සදහන් කළා.මහා මැතිවරණයට පසුව මෙම මහා පිපුරුම සිදුවිමට බොහෝ විට ඉඩ ඇති අතර එහි කුඩා ප්‍රමාණයේ පිපුරුම් රැසක් මැතිවරණයට පෙර සිදු විම අනිවාර්ය බවද ඔහු අනාවරණය කළා.[/box]

ජවිපෙ මහා පිපුරුමක් අත ලඟ! 

Top