සිරිසේන සහ රනිල් යනු තවදුරටත් වඳපිදුනු නායකත්වයන් බව රටට පමනක් නොව ලෝකයටම පසක් කරමින් බ්‍රිතාන්‍යය ජාතිකයෝ යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේන් දොට්ට දමා තිබේ.බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් 52%ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇත. 48%ක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර ඇත්තේ.

Britain votes to leave the European Union

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ‍ ගෙන ගිය අතර ශ්‍රී ලංකාවේ රූකඩ රාජ්‍ය නායකයන් වන රනිල්- මෛත්‍රී රටේ ජනතාවගේ බදු මුදල් කාබාසිනීයාකරමින් යුරෝපා හවුලෙන් ඉවත් විමට විරුද්ධව ඡන්දය භාවිතා කරන ලෙසට ඡන්දය හිමි ශ්‍රී ලාංකිකකයන් දැනුවත් කිරිමට වැඩ පිළිවෙලක්ද ගෙන ගියා.

එංගලන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ ආරාධනාවත් වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද පුර්ණ මැදිහත්වීමත් මත සිරිසේන ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත එංගලන්තයේ පැවැත්වීමට නියමිත යුරෝප සංගමයෙන් ඉවත්වීම හෝ නොවීම පිළිබද ජනමත විචාරණය සදහා ඒංගලන්තයේ වෙසෙන ඡන්දය හිමි ශ්‍රී ලාංකිකයන්ගෙන් යුරෝප සංගමයෙන් ඉවත්වීම නොකරන ලෙසට ඡන්දය භාවිතා කරන ලෙස බැගෑපත්ව විම මෙහි අරමුණ වි තිබුනා.

ඩොලරය හා සසඳන විට යූරෝව 4%කින් පහළ වැටෙනු ඇති බවත් ලොව පස්වැනි ආර්ථික බලවේගය වන ලන්ඩනයට මෙයින් මරු පහරක් වැදී ඇතැයි විශ්ලේෂකයෝ කියති.

ලොව බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බරක් ඔබාමාගේ මතය වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සිටිය යුතු බව වුවත් මෙම ප්‍රතිපලය සමග ඒ සියල්ලම කණපිට හැරි ඇති අතර යුරෝපා එකමුතුව වෙනුවෙන් ඇතිකළ යුරෝපා හවුල ඉරිතලා යෑම මෑත ඉතිහාසයේ ලද ලොකුම පසුබෑමක් ලෙස සැලකේන අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ පැවැත්මද මේම පරාජය හරහා බිඳවැටෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 28කි. යුරෝපයේ ප්‍රබලම රාජ්‍ය ඉන් ඉවත් වීමත් සමග සාමාජික රටවල් ගණන 27ක් වන අතර යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග බ්‍රිතාන්‍යය යූරෝ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්වනු ඇත.

http://www.lankanewsweb.today/archives/11400

 

Top