පරාජයෙන් වියරූ වැටි සිටින එක්සත් ජාතික පක්ෂය මැතිවරණ් නිරික්ෂණ කණ්ඩායම් කිහිපයක් එක් කරගනිමින් මැතිවරණයේ ඡන්ද කොල්ලයකට සුදානම් වනබව  LNW  ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ කන්තලේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක තිබී සැබෑ ඡන්ද පත‍්‍රිකාවලට සමාන ඡන්ද පත‍්‍රිකා 15000ක පමණ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම මහා ඡන්ද කොලල්යක සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ. ඒම කොල්ලය සදහා රාජ්‍ය නොවන සංවිධාන මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමක් වන කුප්‍රකට එජාප සමාජිකයෙකු වන කිර්ති තෙන්නකොන්ගේ කැෆේ සංවිධානය මේ සදහා ආවරණයක් ලෙස යොදවාගෙන තිබේ.

මැතිවරණ දිනයදා මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් මුවාවෙන් මෙම ඡන්ද කොල්ලය මෙහෙයවිමට සුදානම් වන් බවයි අප ඔත්තුකරුවන් සදහන් කළේ.ඒ සම්බන්ධයෙන් වැලිකඩ වත්තේ පිහිටි කැෆේ සංවිධානයේ කාර්‍යාලය තුල සාකච්ඡාවක්ද සිදුව තිබේ.කැෆේ සංවිධානයට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ජාලයක හිමිකරුවන් කිහිපදෙනෙකුද මෙම සාකච්ඡා සදහා සහභාගි වි ඇති අතර එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාතමක කිරිමට යන ඡන්ද කොල්ලයට සහයදිම සහ එම සහයදිම සිදුකල යුතු අකාරය පිළිබඳව එහිදි සාකච්ඡා කර තිබේ.

 

Top