අසල්වැසි රටකට ගොස් මේවැනි ප්‍රකාශ කිරිමෙන් හිටපු ජනාධිපතිවරිය තම පක්ෂය ගැනත් රට ගැනත් ලෝකයාට දෙන පණිවිඩය කුමක්ද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්ණ කර සිටි.

තමාගේ නායකත්වය යටතේ තිබු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව පරාජයට පත්කරවීමට හැකිවීම පිළිබඳ සිය පි‍්‍රතිය පළ කරන බවට හිටපු ජනාධිපතිවරිය ‘‘ද හින්දු’’ පුවත්පතට ප‍්‍රකාශ කර ඇතැයි මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙනවා. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සහ මේ රටේ සියලූ ජනතාවගේ අවදානයට ලක්විය යුතු ප‍්‍රකාශයක් බවයි මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරන්නේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ…

Mr1 Mr2 Mr3 Mr4

බල්ලන් සමග නිදිවැද මැක්කන් සමග නැගිටීම නොහොත් රනිල්, චන්ද්‍රිකා, චම්පික,රාජිතලාගේ යහපාලන කල්ලිය.ලොව දෙවන පැරණිතම වෘත්තිය දේශපාලනය වන අතර පෙනුමෙන් සහ ගුනයෙන් පලමු වෘත්තියට කිසිත් නොදෙවෙනිය.සමාජ සේවය වෙනුවෙන් ගනිකා වෘත්තියේ නියලෙන්නන් දුලබ වන්නේ යම්සේද සමාජ සේවය වෙනුවෙන් දේශපාලනය කරන්නෝද දුලබය.

රාජිත සහ චම්පිකගේ පලමු ඉනිම

රාජිතට චම්පික සෙට්වූයේ 89 භිෂන සමයේ අවසාන කාලයේදීය. ජ.වි.පෙ ක්‍රියාධරයෙකු වූ චම්පික අත් අඩංගුවට ගන්නේ ප්‍රා කාඩරයන් විසිනි. කාසල් වීදියේදී පැහැරගත් චම්පික රනවක ගාල් කලේ නීති පීඨ රැඳවුම් කඳවුර තුලය. ප්‍රා සංවිධානයේ ප්‍රධාන වධකාගාරය වූයේ කොළඹ සරසවියේ නීති පීඨ රැඳවුම් කඳවුරය.ජවිපෙ ප්‍රධාන පෙලේ නායකයන් ‍රැගෙන ආවේ මෙම කදවුරටය.මෙම මේ වදකාගාරයෙ ප්‍රධාන වධකයා සහ අලුගෝසුවා වූයේ රාජිත සේනාරත්නය. නීති පීඨ කදවුරේදී රාජිත විසින් පාඨලී චම්පිකට එල්ලා පහර දෙන විට ජවිපෙ ලැයිස්තුවක් හෙලිකිරීමට එකග විය.මාගල දිග ඇරි චම්පිකට රහසේ පැන යාමට රාජිත ගෙන් උදව් ලැබිනි. සගයන් පාවාදීමේ පිලිවෙතින් නිදහස් වූ චම්පික පසුව සමාජ ගත කලේ මූත්‍රා කිරීමට යන මුවාවෙන් කදවුරින් පැන ගිය බවකි. එතැන් පටන් මොවුන් දෙදෙනා කෙතරම් සමීප වීදයත් රාජිතගෙ පුත් චතුරට නිවසේදී අකුරු කරන ගනිත ගුරුවරයා වූයේ චම්පිකය.

දඩයම් පිහි මුවහත් කල චන්ද්‍රිකා

එ.ජා ප රජය යටතේ කුලියට මිනී මැරූ ප්‍රා සංවිධානයේ යටි අරමුනක් වූයේ විජය කුමාරතුංග ඝාතනයේ පලිය ගැනීමය.88-89 වකවානුවේ පුරවැසියන් ,පාසැල් සිසුන් පමනක් නොව බුද්ධ පුත්‍රයන්ද අමු අමුවේ ඝාතනය කල ප්‍රා සංවිධානයේ ආදී කතෘන් අතර චන්ද්‍රිකාද විය. එහි නායකයන් වූයේ චන්ද්‍රිකා , ඔසී, රාජිත සහ සරත් ආනන්ද ය.ප්‍රා සංවිධානය වෙත අවි අයුධ ලබා දුන්නේ එ.ජා.ප රජය විසිනි.මෙම ආයුධ ප්‍රා මෙහෙයුම් ඛන්ඩ වෙත බෙදා හරින තුරු ගබඩා කර තිබුණේ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ චන්ද්‍රිකාගේ නිවසේය.කනවැන්දුම් චන්ද්‍රිකාට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය වෙතින් ලක්ෂ 50 ක් ලැබිනි. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වූ ජවිපෙන් වාඩුව ගැනීම ඔවුන්ගේ අරමුන විය. ඝාතනයට,භීෂනයට,දඩයමට අවශ්‍ය ආම්පන්න සපයා චන්ද්‍රිකා විදේශ ගත විය.

ඇටසැකිලි පි‍ටු පස කථාව

දකුනේ භීෂනය පහව යනවාත් සමග එවක පැවති එ.ජා.ප රජය පන්නා දැමීමට ජනතාව පෙල ගැසෙමින් සිටියහ.නමුත් ලේ සෙලවූ එ.ජා.ප රජය පෙරලිමේ දේශපාලන සටනෙහි නායකත්වය පිලිබදව වූයේ හිඩසකි. එකී රික්තය පිරවීමට කනවැන්දුම් චන්ද්‍රිකා රිංගා ගත්තාය.අනතුරුව දකුනේ මිනී වලවල් සොය සොයා ඒවා ගොඩ ඇද්දාය.ජනතාව ඉදිරියේ තබා ඇටසැකිලි ගැන්නාය.එකී ඇටසැකිලි අන් කිසිවකුගේ නොව එ.ජා.ප රජය සමග කුලියට මිනී මැරූ ප්‍රා සංවිධානය ඝාතනය කල වුන්ගේය.ඒ අනුව චන්ද්‍රිකා, එදා ඔවුන් අතින්ම මිහිදන් වූ අයගේ ඇටසැකිලි ගොඩ අදිමින් ජනතාව අන්දවා බලයට පැමිනියාය.

මංඥං ඇමතිගේ තවලං යාම

විප්ලවය පාවා දුන් චම්පික, නලින් සිල්වාගේ ජාතික චින්තනය හා ගොනු විය.කල දු‍ටු කල වල ඉස ගත් චම්පික ගංගොඩවිල සෝමගේ මිනිය මතින් පාර්ලීමේන්තුවට ගොඩබැසීය.චන්ද්‍රිකා බලයට පැමිනි පසු අනුරුද්ධ රත්වත්තේ යම්තාක් දුරට යුධ ක්‍රියාන්විතය ගෙන ගියද එය අතරමග නවතා දැමීමට නියෝග කෙරීය. චන්ද්‍රිකාගේ මංඥං ඇමති මංගල සුදු නෙලුම්, තවලං යාම වැනි ව්‍යාපාර හරහා හමුදාවට පුක් අත ගසා බෙදුම් වාදයට උඩ ගෙඩි සැපයීය.රණවිරුවන් පාවා දුන් චන්ද්‍රිකා නෝර්වේ රාජ්‍ය හා එක්ව සටන් විරාමයකට ගියාය.

රනිල්ගේ භූමිකාව

අගමැති තනතුරට පත්වූ සැනින් එල්.ටී.ටී.ඊ සංවිධානය රාජතාන්ත්‍රිකව පිලි ගනිමින් ප්‍රභා සමග ගිවිසුමක් ගැසීය.රජයේ පාලන ප්‍රදේශ සහ කොටි පාලන ප්‍රදේශ ලෙස දේශ සීමා වෙන් කලේය. ඊලම් දේශ සීමා පමනක් නොව ඊලාම් පොලීසි, ඊලාම් බැංකු, ඊලාම් අධිකරණ, ඊලම් රූපවාහිනී නාලිකා බිහි විය.යුධ හමුදාවේ බුද්ධි අංශය පාවා දුන් මිලේනියම් සිටි වැටලීම කලේය.මිලේනියම් සිටි පාවා දීමෙන් පසු සංනද්ධ බුද්ධි අංශයේ රහස්‍ය තොරතුරු සියල්ල එල්.ටී.ටී.ඊ ය අතට පත්විය. ඒ අනුව බුද්ධි අංශයේ කර්නල් වරු දෙදෙනෙකු ඇතුලුව 48 දෙනෙකු සතුරා අතින් මහ මග ඝාතනයට ලක්විය.

රාජිත දු‍ටු ලොව තීක්ෂනම යුධ සෙබලා

කුමාර් රූපසිංහ හා එක්වූ රාජිත යුධ විරෝදී සංධානය තැනීය.දෙමල ඊලමට දර දිය සැපයු රාජිත ප්‍රසිද්ධ වේදිකාවේ කියා සිටියේ LTTE කිසි දිනක පරාජය කල නොහැකි බවය.ලොව තීක්ෂනම යුධ සෙබලා ප්‍රභාකරන් බව කීවේය.රට බේරා ගැනීමට ඇති එකම විසදුම ෆෙඩරල් ක්‍රමය බවත් එහි බලතල කොටින්ට දිය යුතු බවට හඩ නැගීය.යුධ විරෝධී පෙරමුනට නෝර්වේ රජයෙන් අනුග්‍රහය ලැබුනු බව ප්‍රකට කරුනකි.නෝර්වේ-රනිල් ගනුදෙනු නිරන්තරයෙන් ඉන්දියාවේ අනුග්‍රහයට ලක්විය. මේ හේතුවෙන් සාම බ්‍රෝකර් කුමාර් රූපසිංහගේ යුධ විරෝධී පෙරමුනට රෝ ඔත්තු සේවය හරහාද මුදල් ගලා ආවේය.

රාජිත සහ චම්පිකගේ දෙවන ඉනිම

රූපසිංහලාගේ රාජිතලාගේ සැලසුම වූයේ සිංහල රජය හැකි තාක් අරාජික කොට ෆෙඩරල් ක්‍රමයක් බලෙන් පැටවීමය. බිහිවන නව පාලනයේ මුල් පු‍ටු ඩැහ ගැනීම සැලසුම විය.චම්පිකද මේම කූට සැලසුමේ කොටස් කරුවකු විය.ඔහුට බාරවූයේ සිංහල කොටියාගේ චරිතයයි.එනම් රාජිතලා යුද්ධය එපා කියා රට වටේ යන විට, ප්‍රදර්ශනාත්මකව ඔවුන්ට පහර දීමයි.මෙම නාට්‍ය ලෝකයා වෙත ගෙනයාම මහ රාජාගේ සිරස නාලිකාවට බාර විය.සාම කපුටන් යන යන තැන සිරසද විය.ප්‍රථම ජවනිකාව රගදැක්වූයේ කොළඹ විහාර මහාදේවී පිටියේය. චම්පිකගේ රා බී මත්වූ ගලබොඩ අත්තේ ඥානසාර යුධ විරෝධීගේ ‍රැස්වීමටට කඩා පැන මයික්‍රපෝන විසිකරමින්, අසභ්‍ය වචන කියමින් කලහ කෙරීය.යුධ විරෝධී පෙරමුනේ ආරක්ෂාව බාර වූයේ කුප්‍රකට ප්‍රා කන්ඩායමටය. ප්‍රා සාමාජිකයන්ට අවශ්‍ය වී නම් ඥානසාරගේ පිරිස පාලනය කල හැකිව තිබුනි.එහෙත් රාජිතලාට අවශ්‍ය වූයේ ලෝකය හමුවේ සිංහල බෞද්ධයා කුජීත කිරීමය.

නූලෙන් මිස් වුනු ඝාතනය

යුධ විරෝදීන්ගේ දෙවන ‍රැසවීම පැවැත්වූයේ මන්නාරමය.තෙවන ‍රැස්වීම පැවැත්වූයේ කලුතරය.මෙය සාමකාමී ස්වරූපයෙන් අවසන් වූ බව පෙනුනද මනා ලෙස සැලසුම් කල ඝාතනයක් වැලකී ගියේ නූලෙනි. කලුතර ‍රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුනේ නගරසභා ශාලාව අසල එලිමහන් වේදිකාවකය.කලුතර දකුන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු වේදිකාව අසල සිවිල් ඇදුමෙන් රාජකාරියෙහි යොදවා තිබුනි. වෙදිකාව අසල ගැවසුනු එක් සැකකටයුතු පුද්ගලයෙක් මොවුන් ඇස ගැ‍ටුනු අතර වැඩිදුර පරීක්ෂාව සදහා ඔහු කලුතර දකුන පොලීසිය වෙත ‍රැගෙන යන ලදී.

ඝාතකයා ඉලක්කය හඹා යයි

වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔහුගේ බෑගය තුල සගවා තුබූ ගිනි අවියක් සොයා ගන්නා ලදී.අනවසර ගිනි අවියක් යනු ඇප නොමැති වරදක් වුවද සුලු මොහොතකින් එතනට පැමිනි රාජිතගේ ආරක්ෂක අංශයේ දෙදෙනෙකු ඔහු නිදහස් කර ‍රැගෙන යන ලදී.කුමාර් රූපසිංහ සහ රාජිත මෙම සිදුවීම වසන් කෙරීය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග වූ බෑගය සහ බට් මොඩල් T56 නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා ‍රැගෙනගියේය.

ෆොන්සේකා අංහිසකද ?

යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය විය. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්විය. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය. රවිරාජ් මහින්දගේ අතිශය සමීප මිත්‍රයකු විය. ඔහු කිසිවිටෙකත් මහින්ද විවෙචනය නොකල අතර පහර ගැසුවේ සරත් ෆොන්සෙකා වෙතය.

මරා දැමීමට පෙර උදෑසන වූ රූපවාහිනී වැඩසටහන

මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කිකව අභියෝගයට ලක් කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු 400 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන අයුරු හෙලි කලේය. ෆොන්සේකාගේ බිස්නස් එක අසාධාරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු ෆොන්සේකාට අභියෝග කලේය. ආකර්ශනීය ලෙස සිංහල බස හසුරවමින් දකුනේ ජනතාව වෙත ගෙන එන පනිවිඩය ෆොන්සේකාට මරු පහරක් විය.

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. නමුත් රවිරාජ් ඝාතනයේ න්‍යාය කවරෙකුගේද යන්න නොරහසකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය. යහ පාලන රජය බලයට පැමිනි පසු රවිරාජ් ඝාතනයට සැක පිට යයි අත් අඩංගුවට ගත් නාවික හමුදාවේ පිරිස ඊට වගකිව යුත්තන් නොව එය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමනි.එ පමනක් නොව ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා පුලුස්සා දැමුවේ චම්පික රනවක බවට සාක්ෂි පරීක්ෂණ කන්ඩායම් සතුය. චූදිතයන් සියල්ල අද යහපාලන ආන්ඩුව සමගය.

ඩොක්යාඩ් පාරේ ශිෂ්‍යය ඝාතනය

ත්‍රිකුණාමලයේ ඩොක්යාඩ් පාරේදී තරුණ ශිෂ්‍යයන් පස් දෙනෙක් බිම දණ ගස්වා හිසට වෙඩි තබා මරා දමා තිබුනි.පොලීසිය ප්‍රකාශ කලේ ශිෂ්‍යයන් මිය ගියේ හමුදා කණ්ඩායමකට අත් බෝම්බයක් එල්ල කරන්නට යාමේදී එය පුපුරා යාමෙන් බවය. ‛සුඩර්ඔලි’ පත්‍රයේ ත්‍රීකුණාමලයේ වාර්තාකරු සුහීර්තරාජන් පොලීසියේ ප්‍රකාශයට අභියෝග කලේය. ශිෂ්‍යයන් මරා දැමුණේ ළඟ සිට හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයන්ගෙන් බව ඡායාරූප සාක්‍ෂි සහිතව ඔප්පු කළේය.කොලඹින් පැමිනි ඩිෆෙන්ඩර් රථ වල ඡායාරූප ඔහු සතු විය.එම ඩෙෆෙන්ඩර් රථ කොටකදෙනියගේ පූල් එකට අයත් ඒවා විය. දින කිහිපයකින් මෙකී ‘සුඩර්ඔලි’ වාර්තාකරුගේ හිසට වෙඩි තබා මරා දැමිණ.

ශිෂ්‍යය ඝාතනයේ බලල් අත

මෙම වෙඩි තැබීම සිදුවන විට මහින්ද රාජපක්ෂ සිටියේ ඉන්දියාවේ නිල සංචාරයක නියුතුවය.සිසු ඝාතනයට විරෝධය පලකරනු වස් ඉන්දියාව මහින්ද සමග වූ නිල හමුවීම් කිහිපයක් අවලංගු කෙරීය.මෙම ඝාතනයෙන් මහින්දගේ රජය දැඩි පීඩනයකට ලක් වින. ඉන් වාසියක් අත් වීනම් කොටියාට පමනි.ඉන්දීය රජයෙන් චෝදනා ලද මහින්ද දිවයිනට පැමිනි පසු ගෝඨාබයට හිටගස්වා දෙස් දෙවොල් තැබීය. දින කිහිපයක් යන තුරු දෙදෙනා මූන නොබලන තත්වයට පත් විය.නමුත් සත්‍ය ලෙස සිදුවූයේ චම්පික විසින් කොටකදෙනිය ඉත්තකු ලෙස යොදා ඩොක් යාර්ඩ් ඝාතනය ඇතුලු ත්‍රිකුනාමලයේ ඝාතන දම්වැල මෙහෙයවීමය.ත්‍රිකුණාමලයේ සිසු ඝාතනයෙන් පසු පොලීසියේ උපදේශක තනතුර කොටකදෙනියට අහිමිවිය.

එල්ලෙන්න වැල් නැතුවූ කුමාර්-රාජිත

රනිල්ගේ -ප්‍රභා ගිවිසුම කුනු බක්කියට දැමීමෙන් එන්.ජී.ඕ සාම බ්‍රෝකර්ලාට වැලේ වැල් නැති විය.මහින්දගේ යුධ පෙරමුන ශක්තිමත්ව ඉදිරියට යන විට පාර්ලීමේන්තුවේ ඔලුගෙඩි මාරුකොට රජය පෙරලීමට කුමාර් රූපසිංහ -රාජිත මාන බැලීය. කසකරුවන් ලෙසින් මංගල-ශ්‍රීපති සහ අනුර බන්ඩාරනායක රජයෙන් ඉවත් විය.මංගල ශ්‍රීපතිලාගේ පැති මාරුව මහින්දට ගුද වායුවක් තරම් නොදැනිනි.අනතුරුව ජවිපෙ දෙකඩ කිරීමේ කුමන්ත්‍රනය දියත් විය.විමල් වීරවංශ ඇතුලු පිරිස මහින්ද හැර නොයාමෙන් එම කුමන්ත්‍රනයද අසාර්තක විය.එල්ලෙන්න වැල් නැතිවූ රාජිත අගේ ඉදන් කන කෑමට මහින්ද සමග එක් විය.

පාර්ලීමේන්තු ඉතිහාසයේ දුෂණ චෝදනාවකට ලක්ව මන්ත්‍රී ධූරය අහිමි වූ එකම පුද්ගලයා

රාජිත සේනාරත්න යනු අඩසියවසක පාර්ලීමේන්තු ඉතිහාසයේ දුෂණ චෝදනාවකට ලක්ව මන්ත්‍රී ධූරය අහිමි වූ එකම පුද්ගලයාය. අභියාචනාධිකරණයේ අංක 1164/98 දරණ නඩුවේ 2000 මාර්තු 31 දින දුන් තීන්දුවෙන් , මන්ත්‍රීවරයෙකුව සිටිමින් රාජ්‍ය ආයතනවලට ඖෂධ සපයන ව්‍යාපාර කිරීම යන චෝදනාවට වරදකරු වීමෙන් පාර්ලීමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විය.එසේම කලකට ඉහතදී ගුවන් හමුදාවට කල් ඉකුත් වූ ඖෂධ සපයා වැරදිකරු විය.උපතින් අකුරු ඉලක්කම් මීටර් නැති චතුරට සා.පෙ හා උසස් පෙල විභාග අයෙකු දමා ලියවා සතු‍ටු වන පියානන් රාජිතය. මන්ද බුදධික එක්සත් ගේ( රාජිතගේ දෙවන පුතා)පෙම්වතිය යයි බාල වයස්කාර දැරියක නිවසේ තබා ගනිමින් වල් කම් කරන අවලම් සතා රාජිතය.

දේවදත්තලාගේ බුද්ධ රාජ්‍ය

චම්පික-රාජිත දෙදෙනාම මහින්දගේ රජයේ දැරූ ඇමතිධූර හරහා ගසා කෑවා මිස ජනතාවට කල සෙතක් නැත.වැටයි නියරයි ගොයම් කෑවා සේ, ධීවරයාගේ ආරක්ෂාවට පත් කල ඇමති දැවැන්ත නැව් 8ක් යොදවා මාලු ඇල්ලීමට බැස්සේය. බෝට්‍ටුවෙන් ගොස් මාලු අල්ලන අහිංසක ධීවරයාට කැඳත් නැතිවිය.චම්පිකද හීන් නූලෙන් ගසාකමින් ලස්සන කතා පැවවූවා මිස රටට ජනතාවට කල සේවයක් නැත. බුද්ධරාජ්‍යක් පිහි‍ටු වීමට පැමිනි උපාසක චම්පිකගේ වසල ගති පැවැතුම් එකිනෙක නිරාවරණය විය. බුද්ධ රාජ්‍ය කෙසේ වෙතත් අපාය සහායක චම්පික ජනයා අභිමුවේ නිරුවත් විය. අමානුෂික ලෙස සිය බිරිද ලිංගික හිංසාවට ලක්කිරීම හා ද්වේශසහගත හැරයාම පිලිබද චෝදනා වලට විලංගු වැටිනි .චම්පිකගේ සැහැසිකම් පිලිබදව ලිපියක් පලකල ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කෙරීය.

වදුරන්ගෙන් බන අසා මක්කමට ගල් ගැසුවෝ

චම්පික එදා ඥානසාරට රා පෙව්වේ යුධ විරෝධී පෙරමුනට එරෙහිව කලහ කිරීමටය.එදා රාජිත උතුරේ කොටියාට අදින විට චම්පික සිංහල කොටියාට ඇන්දේය. දෙදෙනාගේම පාත්තර ඡන්ද වලින් පිරිනි.මෙදා ඥානසාරට රා පෙව්වේ මුස්ලිම ජනයාට එරෙහිව කලහ කිරීමටය .චම්පික මුස්ලිම් ජනයාට එරෙහිව භීෂනය මවන විට ගැලවුම් කරු ලෙස රාජිත පැමියේය.තමාට මොහොමඩ් රාජිත යයි කීවත් කම් නැතැයි පැවසීය.රාජිත මුස්ලිම් වරු වෙනුවෙන් පෙනී සිටින්නේ අවංකවම නොව තම ඡන්ද පදනම සහ පැවැත්ම වෙනුවෙනි. චම්පිකද සිංහලයා වෙනු වෙන් පෙනී සිටින්නේ ඒ අයුරිනි. එපමනක් නොව හලාල් කථා, අළුත්ගම සිදුවීම, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පහර දීම ආදී සියල්ල සිංහලයා රජ කරවීමට කල දේ නොව මහින්ද සමග වූ මුස්ලිම් ජනතාව භේද කිරීමට විදේශ බලවේග වල සහායෙන් චම්පික,රාජිත,චන්ද්‍රිකා මෙහෙය වූ කූට ව්‍යාපෘතිය.වදුරන්ගෙන් බන ඇසූ ජනතාව ජේතවනයට පමනක් නොව මක්කමටද ගල් ගැසූහ.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top