කුමන්ත්‍රණය පිට කුමන්ත්‍රණ සහිතව ගෙවිගිය ඊයේ(02) රාත්‍රිය අවසානයේ මෛත්‍රීපාල සිරිසේනට තව තවත් ඉතුරුකර ඇත්තේ මහින්ද සම්බන්ධයෙන් භීතිකාව හා ශ්‍රිලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් බව මෙම සාකච්ඡා සදහා මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කල මෛත්‍රීපාලගේ අතීශය විස්වාසවන්තයා යැයි සලකන පුද්ගලයා අප සමග අනාවරණය කළා.

ඊයේ රාත්‍රීය පුරාම මහින්ද රාජපක්ෂ කණ්ඩායම සිය A,B පියවර ශක්තිමත් කරමින් තම සුපුරුදු කටයුතු සිදුකරමින් යන විටදි මෛත්‍රී මුලු රාත්‍රීයේම මහින්ද සම්බන්ධයෙන් සිතමින් එකිනෙකාගෙන් කතා අසමින් ඔලුව වනමින් කෙලින් තිරණයක් ගත නොහැකිව ලතවු අයුරු අප මිතුරා අනාවරණය කළා.

ඊයේ රාත්‍රීයේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට මෛත්‍රීගේ බත්ගොට්ටෙකු ලවා දුරකතන ඇමතුමක් ගෙන ස්පිකර් දමා කතා කරමින් …..”දැන් අපි මොකද කරන්නේ මහින්ද නැතුව දිනන්න පුලුවන්ද? යනුවෙන් අසා තිබේ…..”මෛත්‍රීගේ කරුමයක තරම නම් තමන් සමග සවස් කාලයේ මහින්දට දෙන්න එපා යනුවෙන් කටමැත දෙඩවු කිහිප දෙනෙකුද දුරකතනය ඔස්සේ පවසා ඇත්තේ මහින්ද නැතුවනම් දිනනවා බොරු යනුවෙනි.

මේ අතර ඊයේ රාත්‍රීය එක්සත් ජාතික පක්ෂයටද නිදීවර්ජිත රාත්‍රියක් වුනා සන්ධානයේ බිලී බා ගැනිමට ඔන්න මෙන්න කියා තිබු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම මේ වනවිට එජාපය මගහරිමින් සිටින බව වාර්තා වේ.ඔහුන් හරහා මහින්දට එරෙහිව විරෝධතාවයක් ගොඩ නැගිමට මුදල් පවා ඇතැම් මන්ත්‍රිවරුන් අරගෙන තිබේන බවද වාර්තා වේ.

කෙසේවෙතත්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (3) ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ නායකයන්ට ඊයේ (02) දැනුම් දි තිබුනා.

Top