අද උදෑසන 8.30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි  දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පෝසා සහ ශ්‍රි ලංකාවේ  VIP දොරටු අලින් ඇතුලු වි එම ගුවන් යානයටම ගොස් ඔහු හමුවු විශේෂ නියෝජිතයා කවුරුන්ද? කුමක් සදහා සිරිල් රම්පෝසා හමුවුනේද? යන්න අනාවරණය කරගැනිම සදහා අප ඔත්තුකරුවන් ඔහු හඹා යමින් සිටිනවා.උදෑසන 8.30සිට 9.30 දක්වා කාලයක් රම්පෝසා කටුනායක ගුවන් තොටුපලේ රැදිසිටි අතර එම කාලය තුල මෙම හමුවිම සිදුව තිබේ.

ජපානය බලා පියාසර කරමින් සිටියදි රම්පෝසා  ගමන්ගත් ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා එම යානය බණ්ඩාරණායක ගුවන්තොටුපලට ගොඩබස්වා ඇති බවට රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් බොරු ප්‍රචාරයක් ගෙනගිය බව මේ වනවිට ගුවන් තොටුපොල අප ඔත්තුකරුවන් අනාවරණය කර සිටියා.

බලය බෙදිම,පුනුරුත්තාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ දකුණු අප්‍රිකානු ජනාධිපති ජකොබ් සූමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස සිරිල් රම්පෝසා ජපානය බලා යන අතර ඔහු එහිදි ජපාන විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි සමග විශේෂ සාකච්ඡාවටද සහභාගි විමට නියමිතයි.

 

 

 

Top