කුලිකාරයන්ට හා දුෂිත,මැර ව්‍යාපාරිකයන්ට විකුණා දැමු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඔහුන්ට අවශ්‍ය අකාරයට හසුරුවන බව අද තවත් තහවුරු වුනා.පෙරේදා අප අනාවරණය කල පරිදිම ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධ යහපාලන ආණ්ඩුවේ අංක එකේ දුෂිතයා ලෙස කිරුළ දරා සිටින මෛත්‍රීගේ පුත්‍රයාගේ මජර වැඩ සියල්ලම නීතියට ඉටුකරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක  ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යධුරය අද මෛත්‍රීපාල විසින් පිරිනමනු ලැබුවා.

එපමණක් නොව අප්පොච්චා මළා යැයි කියමින් රටටම හෙනයක්වු විජිත් විජයමුණි සොයිසාට වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය ධුරය පිරිනමන ලැබුවේ රටට හෙන ගහන දිනය වැඩිඅ ඇතක නොවන් බව පසක් කරමිනි.

ඇර සොයිසාට කියා මෛත්‍රීපාල ඇරගත්තාට අපට කමක් නැත.අංක එකේ දුෂිතයෙකු වන ෆයිසර් මුස්තාෆාට කැබිනට් ඇමතිකම් ලැබිමේ රහස මේ රටේ ජනතාව සහ අහිංසක ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා දැනගෙන සිටිය යුතුය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ තැන තැන ඇවිදිමින් HE ඉන්නෙ මා එක්ක .,..GR ඉන්නේ මා එක්ක මොනවාද වෙන්න ඔනෑ…යනුවෙන් කටමැත දෙඩවු  ෆයිසර් මුස්තාපා අන්තිමට ඉන්දියාවෙන් දුන් මිලියන 50කට ආණ්ඩුව මාරුකර මෛත්‍රීපාල සමග එකතුවු වු අයෙකි.

ෆයිසර් මුස්තාෆාගේ මජර වැඩ සියල්ලම පසුපස සිටින වංචනික පුද්ගලයා කවුරුන්ද යන්න අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.ඔහු මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩාය. ඩිඩා යනු ලෝකෝත්තර පොරකි.ෆයිසර් මුස්තාෆාගේ ඇට නොතලා රෝන් ගන්නා ඩිඩා දිගින් දිගටම ෆයිසර් වෙනුවෙන් විවිධ වංචනීක ක්‍රියාවන් මෙහෙයවමින් කටයුතු කල අයෙකි.

ෆයිසර් මුස්තාපා මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩාද සමග එක්ව මහනුවර  ‘රුමී ට්‍රේඩර්ස්’ මෝටර් රථ ගෙන්වා විකුණ රුමී එක්ව විදේශයෙන් වාහන ගෙන්වා එවායේ චැසී අංක සියල්ල මාරුකරමින් රටතුල විකිණිමට කටයුතු කර ඇති අතර වාහන ගෙන්විමේදි සහ අනෙකුත් කටයුතු වලදී නීතියටට පිටින් සියලුම කටයුතු කර දි ඇත්තේ ෆයිසර් මුස්තාපාය.ඩිඩා පසුගිය ජනාධිපතිවරණයේදී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ෆයිසර් මුස්තාපාට නවීනතම ප්‍රාඩෝ ජීප් රථයක් හා ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගෙන දෙන ලදී. ඒ සඳහා ඔහු රුපියල් ලක්ෂ 195 ක් වැය කර තිබේ. මෙම රථ දෙක මිලදී ගෙන ඇත්තේ ‘රුමී ට්‍රේඩර්ස්’ මෝටර් රථ ආනයනය කරුවන්ගෙනි.‘ඩිඩා’ යනු වංචා සහගත ලෙස මුදල් පිටරට යැවීම (මනිලොන්ඩරින්) පිළිබදව කිහිපවරක්ම චෝදනා ලැබ සිටින කුප‍්‍රකට ජාවාරම්කරුවෙකි.

මේ අතර තුර පසුගිය මහා මැතිවරණය සමයේ ෆයිසර් මුස්තාපා ජාතික ලැයිස්තු වෙන්ඉදිරිපත් කිරිමට කටයුතු කල ඩිඩා අල්ලා ගත්තේ මෛත්‍රීගේ සුවච කිකරු කොලු පැටියා වන දුමින්ද දිසානායකය.පසුව හිමිට දුමින්දට ලංවු ඩිඩා මැතිවරණය වෙනුවෙන් දුමින්දට රුපියල් මිලියන 10ක් ලබාදුන් අතර ඒ සදහා ඩිඩා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් මිලියන 50කට වැඩි මුදලක් එකතු කර තිබේ.

අස්ස කුලප්පුව හැදුනු මෛත්‍රීපාල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස දුමින්ද නම් කිරිමත් සමග ඩිඩා පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය අතර ඉදහිට දුමින්ද හමුවි අඩියක් ගැසීමට වේලාව වෙන්කර ගන්නා ලදී.

අවසානයට පසුගිය සති අන්තයේ කොළඹ ජයික් හිල්ටන් හොටලයේදි දුමින්ද දිසානායක හමුවු ඩිඩා ඇති පදමට අඩියක් පමණක් නොව තව තව දෙවල්ද ගසා දුමින්දගෙන් එකම එක ඉල්ලිමක් ඉටුකර දෙන ලෙස ඉල්ලා තිබේ. ඒ අනුව ඩිඩාගේ චක් ගොලයා වු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අද ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

 

Top