ජනාධිපතිවරයාගේ බලතල වලට හානීදායක වන අයුරින් සහ විවිධ කල්ලි,කණ්ඩායම් වලට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරිම සහ ජාතික ආරක්ෂාව පාවාදීම වැනි කරුණු කිහිපයක් හේතුවෙන් ජනාධිපති නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කල රනිල්ගේ ඉත්තේකු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විනාශ කල සුනිල් ජයසේකර නැමැත්තා වහාම එම තනතුරින් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත සුනිල් ජනාධිපති මාධ්‍ය එකකයට ඇතුල් කර ඇති අතර පසුගිය කාලසිමාවේ ජාතික ආරක්ෂාවට අහිතකර පුවත් රාශියක් මවා ඇත්තේ සුනිල් බව අනාවරණය වි තිබේ.

මේ අතර සුනිල් තමන්ගේ හිතවතුන්ට පවසා ඇත්තේ  තමන් ජනවාරි 8 වෙනිදා බලවේගයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු ලෙස සහාය දුන් අතර රට පුරා ගොස් ජනතාවට කරුණු කියා පෑවේ රාජපක්ෂ රෙජීමයෙන් රට ගලවා ගැනීමට නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා යලිත් රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කරද්දී ඔහුට සහයෝගය දීමට තමන්ට නොහැකි නිසා ඉල්ලා අස්වී ගෙදර ආ බවයි. 

Top