අයිස් (ICE) සම්බන්ධයෙන් මෑත කාලයේ වැඩි කතා බහක් ඇති විය.පසුගිය යහපාලන රජය සමයේ වැඩිපුරම කතා බහට ලක්වුයේ හෙරොයින් බව නොරහසකි.හෙරොයින් හෙවත් කුඩු කන්ටේනර පිටින් අල්ලන්නට පටන්ගත් සිරිසේන ජනාධිපතිවරයා එය අවසන් කළේ මහින්දට බලයට න්න කුමන්ත්‍රණයක් සිදුකිරිමෙනි. දැන් හදිසියේ ඉතිහාසයේ නොවූ විරූ ලෙස මුළු සමාජයම අයිස් ගැන කතා කරන තැනක් බවට පත්කිරිමට නයි දෙරණ් සහ කුඩු හිරූ කටයුතු ආරම්භ කර තිබේ.එය නිකංම නොවේ.මන්ද මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පසුපස මේ නාලිකා ප්‍රධානින් මෙන්ම පැවැති මෙන්ම පවතින රජයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික දේශපාලකයන් සිටින නිසාය.දැන් අයිස් ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ.ශ‍්‍රී ලංකාව අයිස් යටවී හමාර බව කුඩු නාලිකා කියයි.ලංකාව යනු ආසියාවේ අයිස් එහා මෙහා යන මාර්ගයේ කේන්ද්‍රස්ථානය බව නයි නාලිකාව කියයි.

මෙවැනි කතා බහක් හදිසියේ ඇතිවිම හබුවක් නොවේ. එවන් පසුබිමක හෙරොයින් හා ලංකාවේ අයිස් ව්‍යාප්තිය ගැන සදහන් කිරීම වටී.ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය ගෙන්විම පසුපස රාජපක්ෂලාගේ කුප්‍රකට ව්‍යාපාරික කල්ලිය සිටින බව නොරහසකී. මන්ද හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට වඩා පහසුවෙන් ව්‍යාප්ත කිරිමට මෙන්ම ලාභ ලැබිමේ ව්‍යාපාරයක් ලෙස අයිස් වෙළද පොළට ගෙන එම ආරම්භ කල අතර එය පලමුව ව්‍යාපත් කරනු ලැබුවේ වැල්ලවත්ත සහ දෙහිවල අතර රාත්‍රී සමාජ ශාලා හරහාය. අනිත් අතට ජැයික් හිල්ටන් වැනි විවිධ ඉහල පෙලේ ව්‍යාපාරිකයන් පැමිණ නිරූපණ ශිල්පින් සමග යහන්ගත වනවිට අයිස් ඉතා පහසුවෙන් ව්‍යාපත් කිරිමට කටයුතු කල බව නොරහසකි. ඒ සදහා අවශ්‍ය තරම් සාක්ෂී තිබේ.

ජඩ මාධ්‍ය ICE නාටක

හදිසීයේම ICE නාටකය රගදැක්විම පසුපස අරමුණු දෙකක් තිබේන බව ඉතා පැහැදිලිය. පලමුවැන්න රටේ ජනතාවගෙන් ලක්ෂ 70කට අධික පිරිසක් එක වේලක් අහාර ගැනිමට නොහැකිව අසරණව ආණ්ඩුවට එරෙහිව සටන් කිරිමට සුදානම් විමයි.අනිත් අතට එම පිරිසේන ලක්ෂ 30ක පමණ දරුවන් මන්දපෝෂණයට ලක්විමත් ඔහුන් පාසල් සිසුන් විමත් ය. ඒ නිසා ඔහුන් ගලවා ගැනිමට යලි කඳවුරක් නිර්මාණය කිරිම මේ කසඩ මාධ්‍යවේ අවශ්‍යතාව වි තිබේ. සියල්ලටම වගා ඔහුන්ට තවත් ඉලක්කයක් තිබේ. එනම් තමන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පසුගිය වසර 2ක තුල සියයට 60කට අඩා ප්‍රමාණයකින් පහල වැටි තිබිමය. මේ මාධ්‍ය මෙහෙයුම ආරම්භ වන්නේ ඒ හරහාය.මේ ඔහුන් කරමින් සිටින්නේ රටේ තරුණ ප්‍රජාව අතර ICE වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි අවධාණයක් ලබාදිම බව නොරහසකි.

හෙරොයින් අයිස් බවට පත්කරන මෙහෙයුමේ ප්‍රධානියෙකු ලෙස දේශපාලකයන්ගේ කුප්‍රකට මාෆියා කරුවෙකු වන දෙමටගොඩදි ඝාතනය වු ඇන්තනී රාජ් හැදිවිය හැක. ඇන්තනී දේශපාලකයන් මෙන්ම මාධ්‍ය ප්‍රධානින් රැසකගේ සමීපතමයෙකු වන අතර ඔහු කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් රැසකගේ සහ හමුදා ප්‍රධානින්ගේ රැකවරණය ලැබු අයෙකි. ඇන්තනි රාජ් යනු එල්ටීටීඊ සංවිධානයට කොළඹ දි පහසුකම් සැපයු අයෙකු වන අතර ඔහු දේශපාලකයන් සමග සමීප ගණුදෙනුව හදා ගත්තේ ආණ්ඩුවට ආ කරුණා හරහාය. ඇන්තනි වාසුකුමාර් එක්ක කිට්ටු සම්බන්ධකම් පවත්වපු එකෙක් වන අතර කොටහේන වාසූ යනු කුලියට මිනිමරන අයෙකි.

උතුරේ යුද්ධයේ අවසන් භාගයේදි කරුණා සහ පිල්ලෙයාන් රාජපක්ෂලා දිනාගනිමින් පසුව උතුරේ එල්ටීටීඊ එකට සම්බන්ධ ඒ කුඩු හා මත්ද්‍රව්‍ය මෙහෙයවපු කණ්ඩායම විතරක් නෙමෙයි දකුණේ එල්ටීටීඊ එකට සම්බන්ධ ඒ පාතාලය එක්ක කටයුතු කරපු පිරිස් එකට යාකර දේශපාලන සම්බන්ධකම් ආරම්භ කල අතර ඒ හරහා එම ව්‍යාපාරය කුප්‍රකට රාජපක්ෂලාගේ දේශපාලන සහ ව්‍යාපාරික වලල්ල සතු කර ගන්නා ලදී.

පොට්ටු අම්මාන්ගේ ලඟ ඥාතියා වන් දිසන්දන් හමුදා බුද්ධි අංශය එක්ක වැඩ කරපු පොල්ට් මොහාන් හරහා හදුනා ගන්නා අතර ඔහුගේ සමීපතමයා ලෙස කටයුතු කලේ ඝාතනයට ලක්වු ඇන්තනී රාජ් කියන පුද්ගලයාය. කුප්‍රකට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සාර්ථක කර ගැනිම සදහා විවිධ කණ්ඩායම් නිර්මාණක කිරිමට කුප්‍රකට ව්‍යාපාරික වලල්ල කටයුතු ආරම්භ කල අතර එහි ප්‍රතිපලයක් ලෙස අයිස් මංජු නැමැත්තන් නිර්මාණය කල අතර අයිස් මංජු එව්කට තිකුණාමලයට යැවු අතර ඔවුට අවශ්‍ය සියළු රැකවරණ එවකට රාජපක්ෂ රෙජිමය විසින් ලබා දුන් බව නොරහසකි. ඊට හොදම උදාහරණය වන්නේ බුද්ධි අංශය හා පොලිසිය ඔවුන්ව කිහිප විටක් අත්තඩංගුවට ගැනීමට උත්සහ කළත් ගෝඨාභය රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ නම හා බලතල පාවිච්චි කරමින් නැගෙනහිර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යැමට සමත් විය.

ඉන්දියාව පාකිස්තානය හරහා උතුරේ මුහුදෙන් එන මත්ද්‍රව්‍ය කිසිදු ගැටලුවකින් තොරව ගාලු වරායට නුදුරෙන් නවතා තිබේන ඇවන්ගාඩ් නැවකට පටවන අතර එතැන්සිට පහසුවෙන් ගොඩබිමට රැගෙන එන ඒවා දේශපාලකයන් හරහා බෙදාහරින්නන් අතට පත්වේ. මේ සියල්ලම ඉතාම සුක්ෂම අයුරින් සිදුකිරිමට ඔහුන් වැඩ පිලිවෙලක් සකස් කර තිබුනී.

DIGගේ ඉඳලා පල්ලෙහාට සියළුම දෙනා මේ කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ පඩි ලබන Pay list එකේ සිටින අතර ඒ නිසාම කිසිම දිනක කුප්‍රකට ව්‍යාපාරික වළල්ල සිටිනතුරු ආරක්ෂ අංශ වලට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අල්ලා ගැනිමට නොහැකි වනු ඇත.

ඇන්තිනි රාජ් කියන මේ පුදගලයා හරහා යාපනයේ දිසන්දන්ට කොළඹ දි නැගෙන ප්‍රධානම සම්බන්ධය තමයි මාකදුරේ මදූෂ් නැත්නම් ඩුබායි මදූෂ්. ඩුබායි ඉදලා මේ කුඩු ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයා බවට ඔහු පත්ව සිටි අතර කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ සමීපතම දේශපාලකයන් සමග සබඳතාවය පුළුල් විමේ අවසන් ප්‍රතිපලය ලෙස මදුෂ්ට සිදුවුයේ වෙඩි කා නැසෙන්නටය.මාකදුරේ මදූෂ්,දුෂ්‍යන්තන්, වෙලේගෙදර සුදා මේ හැම අයෙකු සමග කුප්‍රකට ව්‍යාපාරික වළල්ල සමීප සබඳතාවයන් ගොඩනගාගෙන තිබු අතර වෙලා සුදා නමට සිංගප්පූරුවේ තියන බැංකු ගිණුම් පරික්ෂා කරලා බැලුවොත් ඒ බැංකු ගිණුම් හා දුෂ්ෂ්‍යන්තගේ ගිණුම් අතර වෙච්ච මුදල් ගණුදෙණු ගැන හොයා ගන්න පුළුවන්. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ දිහා බලන්නේ නැතුව ඒ දිහා ඇස් වහගෙන ඉන්නවා. එහෙම ඉන්න වෙළා තියෙන්නේ කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ සමීපතම සබඳතාවයන් එම ගිණුම් හරහා එලියට එන නිසයි.ඒ සදහා අවශ්‍ය සාක්ෂී අප සතුව තිබේ.

අනාවරණයක්…..

දුෂ්ෂ්‍යන්තන් පොලිස් නිලධාරින් සිය ග්‍රහණයට ගෙන තිබීම සම්බන්ධයෙන් මෙම අනාවරණය ඔබට වැදගත් වේවි. SIS ප්‍රධානියා පවා සිය මුදල් බලයට යටත් කරගෙන සිටීමට දුෂ්‍යන්ත් සමත්ව සිටි අතර ඒ සදහා කුප්‍රකට ව්‍යාපාරික වළල්ල හරහා විවිධ ගණුදෙනු සිදුවු අතර දුෂ්ෂ්‍යන්තන්ට අයත් වාහන දෙකක් එකපාරටම පුදුම සහගත ලෙස විකුණලා දානවා. ඒකට හේතුව තමයි ඒ වාහන දෙක යාපනයේදි අවස්ථා දෙකකදි අත්තඩංගුවට ලක්විම. ඒ මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරමින් සිටියදිය. නමුත් ඉහළට දෙන එක කෝල් එකකින් ඔය වාහන දෙක මූදා හැරලා තියනවා අවස්ථා දෙක තුනකදි. එක වාහනයක නම්බරය තමයි NP KO 2165. ඒක කලුපාට මයික්‍රෝ වර්ගයේ ජීප් රථයක්. අනිත් එක තමයි NP CAE 8793 ඒක සුදුපාට මයික්‍රෝ ජීප් රථයක්. මේ වාහන දෙකම අත්තඩංගුවට ගන්නවා මාර්ග බාධක වලදි ඊට පස්සේ මුදා හරිනවා. SIS ලොක්කාගේ උපදෙස් මත අදාළ පුද්ගලයා මේ වාහන දෙකම විකුණලා SIS ලොක්කාගේ රෙකමදාරුව මත SIS ලොක්කාගේ හැදුනුම්කමක් මත මොහු BMW වාහනයක් මිලදි ගන්නවා. ඒ BMW වාහනයේ නම්බර් ප්ලේට් එක තමයි WP KV 8004.මේ වාහනය ගැන අපි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවන් හොයලා බලනකොට මේ වාහන දැනට ලීස් එකක් යටතේ පවත්වාගෙන යන්නේ. සෙලාන් බැංකුව හරහා. දැන් කලින් කිව්ව සුදු ජීප් රථය ඒකත් සෙලාන් බැංකුව හරහා ලීස් එකක පවත්වා ගෙන යන්නේ. නමුත් කලුපාට ජීප් රථය කෙලින්ම මොහුගේ නමටමයි තියෙන්නේ.

කවුද මේ දුෂ්ෂ්‍යන්තන් !

යාපනයේ යූ.එස්.හෝටලයේ අයිතිකාරයා දුෂ්ෂ්‍යන්තන් වේ. LTTE හි පොට්ටු අම්මාන් මොහුගේ මස්සිනා වේ. තෙවැනි ඊළාම් යුධ සමයේදී මොහු ලංකාව අතහැර ජර්මනියේ පදිංචියට ගොස් ඇත. නැවත යුද්ධය අවසන්වු පසු 2009දී මොහු ලංකාවට පැමිණ ඇත. මොහු ජර්මනියේ Dortmomund ප්‍රදේශයේ LTTEයට සම්බන්ධ මුදල් රැස් කිරීමේ කාර්‍ය භාරව ක්‍රියා ළේය. එසේම ඔහුගේ බිරිඳ ද දමිළ කාන්තාවක් වන අතර, මොවුන් දෙදෙනා එක්වා එහි රියදුරු පුහුණු මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යන ලදී. එම ප්‍රදේශයේ පොලීසිය විසින් කළ පරීක්ෂණ වලදී මොවුන් ජර්මනියේ සහ එංගලන්තයේ වැසියන්ට අයත් වාහන කොටස් කර විකිණීමේ වයාපාරයක නිරත වන බවට චෝදනා එල්ල වී ඇත. පසුව 2009දී ලංකාවට මොහු විසින් සිය බිරිඳට අයත් යාපනයේ පිහිටි ඉඩමක ඇයගේ මූල්‍යමය දායකත්වයෙන් 2013 වසර වන විට U.S.හෝටලය ඉදිකර අවසන් කරන ලදි. හෝටලය ඉදිකරන කාල සීමාවේදී එහි සේවයට පැමිණි තැනැත්තෙකු සමඟ ඔහුගේ බිරිඳ අනියම් සබඳතාවක් ඇතිකරගත් අතර, එය මොවුන් දෙදෙනාගේ දික්කසාදය තෙක් දුරදිග යන ලදි.

එම දික්කසාදයට අදාළ නඩු විභාගය ජර්මනියේ උසාවියක සිදු වූ අතර අවසානයේදී මොවුන්ට දික්කසාදය ලැබුණි. දික්කසාද නඩුවේදී මොහුගේ බිරිඳ විසින් ඇය හෝටලය ඉදි කිරීමට ආයෝජනය කළ රුපියල් කෝටි 7ක මුදල ද ඔහුගෙන් ඉල්ලා සිටින ලදි. ඒනිසාවෙන් දුෂ්‍යන්දන් විසින් එම මුදල මාසිකව සුළු වාරිකයකින් ගෙවමින් සිට ඇත. ඔහුට මෙම මුදල ගෙවීමට තිබූ අපහසුතාවය නිසාවෙන් වරින් වර ජර්මනියේ උසාවියට ගොස් කල් ඉල්ලා සිටි අතර, 2016 ජූලි මාසයේදී එකවර එම මුදල ගෙවා නිමකර ඇත. මේ තැනැත්තා සම්බන්ධව බරපතළ ප්‍රශ්නයක් ඇත. මොහු කවුරුන්ද? දමිළ ජාතික සන්ධානයේ විග්නේශ්වරන් , සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජේන්ද්‍ර …. යන පාර්ශව ත්‍රිත්වයේ ම රැස්වීම් සියල්ල පවත්වනු ලබන්නේ මෙම U.S.හෝටලයේදී ය. එම පාර්ශව විසින් සිදු කරනු ලබන සියළු ඊළාම්වාදී, රාජ්‍ය විරෝධී රැස්වීම් වෙනුවෙන් නොමිලේ කිසිදු අය කිරීමකින් තොරව දුෂ්‍යන්දන් සිය හෝටලයේ පහසුකම් සපයා දෙනු ලබයි. එසේම ඊළාම්වාදී නොවන විරුද්ධ පාර්ශවයේ රැස්වීම් සඳහා ඔහු විසින් තම හෝටලය නොමිලේ ලබා දී ඔවුන් විසින් කරනු ලබන සාකච්ඡා සියල්ල පටිගත කොට විග්නේශ්වරන් ප්‍රමුඛ ඊළාම්වාදී පාර්ශවයට ලබාදේ. මෙයට කදිම නිදසුනක් ලෙස සුමන්තිරන්ගේ පාර්ශවය විසින් 2016දී විග්නේශ්වරන් මහ ඇමති ධූරයෙන් ඉවත් කිරීමට දියත් කළ කුමන්ත්‍රණයේ සියළු සාකච්ඡාවන් U.S.හෝටලයේ දී පැවැත්වූ අතර, ඒ සියළු තොරතුරු විග්නේශ්වරන් හට දැන ගැනීමට ලැබෙනුයේ, හෝටලයේ හිමිකරු වන දුෂ්‍යන්දන් විසින් සාකච්ඡා සියල්ල පටිගත කර විග්නේශ්වරන් වෙත ලබා දීම නිසාවෙනි. එය දැන් හැමෝම හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසකි.

දුෂ්‍යන්දන් LTTE හි නඩියවන් පාර්ශවය සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටියි. එම සම්බන්ධතාවය කොතරම් දැයි කිවහොත්, LTTE නඩියවන් පාර්ශවයේ බුද්ධි අංශ ප්‍රධානියා යාපනයට පැමිණි විට නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් ආදී සියල්ල මෙම U.S.හෝටලයේ හිමිකරු වන දුෂ්‍යන්දන් විසිනි. එමෙන්ම ඒ කාලයේ LTTE එක විසින් ඉන්දියානු සාගරයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ ජාලය සහ ඊට සම්බන්ධ සියළු පිරිස් දැන් පාලනය කරනු ලබන්නේ ද මොහු විසින් තමන්ට අයත් හෝටලය තුළය. එපමණක් නොව අද වනවිට පකිස්ථානයෙන් ගෙන්වනු ලබන කොකේන් සහ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලබන ගංජා සහ ICE ලංකාව පුරා බෙදා හැරීමේ කාර්‍ය භාරයද මොහු විසින් ඉතා මැනවින් ඉටු කරයි. මේ සියළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් යාපනය පොලීසිය පමණක් නොව අප රටේ රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු ඒකකය ද ඉතා හොදින් දනී.දුෂ්‍යන්දන් විසින් මේ අයුරින් කරගෙන යනු ලබන සියළුම් නීති විරෝධී ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් පොලීසිය මෙන්ම රටේ රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු ඒකකය ද ඉතාම හොදින් දැනුවත්ව සිටියදීත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද? මෙයට හේතුව යාපනයේ මෙන්ම කොළඹ සිටින සියළුම පොලිස් නිලධාරීන් නඩත්තු කරනු ලබන්නේ U.S.හෝටලයේ හිමිකරු වන දුෂ්‍යන්දන් විසින් වීමයි. ඒ සදහා ඔහු රාජපක්ෂලාගේ මෙන්ම වික්‍රමසිංහලාගේද දේශපාලන හෙංචයියන් කුප්‍රකට ව්‍යාපාරික වළල්ල හරහා පාලනය කරනු ලබයි.

කොළඹට එන මත්ද්‍රව්‍ය!

කොළඹ-යාපනය මාර්ගයේ ධාවනය කරනු ලබන වැල්ලවත්තේ පිහිටි E.T. බස් සමාගමද කුප්‍රකට ව්‍යාපාරික වළල්ලට සම්බන්ධ අයෙකු විසින් මෙහෙයවනු ලබන එකකී. මෙම බස් රථ යොදා ගනිමින් මේ ගංජා සහ මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කිරීම සිදු කරන ලදි. වරින් වර පොලීසිය මේ සම්බන්ධව දැනුවත් වීම නිසාවෙන් වව්නියාව, මුලතිව්, කිළිනොච්චිය වැනි ප්‍රදේශ වලදී මෙම බස් රථ පොලිසියට හසු වූවද, ඒ මොහොතේම මොහුගේ දැනුවත් කිරීම් මත ඉහළ පොලිස් නිලධාරින් විසින් ලබාදෙන නියෝග හේතුවෙන් ඒ සියල්ල නැවත මුදා හරිනු ලැබේ.

මේ දුෂ්ෂ්‍යන්තන් කියන පුද්ගලයාට උතුරේ එක් දේශපාලන පක්ෂයක නායකයාගේ සහෝදරයා ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ අන්කවරෙකුවත් නෙමෙයි ඩග්ලස් දේවානන්දගේ බාල සොහොයුරායි.ඒ හේතුවෙන් ඩග්ලස් දේවානන්ද එල්ටීටීඊ විරෝධීයෙක් නිසා තමාද එල්ටීටීඊ විරෝධියෙක් කියලා පෙන්නගෙන ඉන්න. නමුත් සත්‍ය කතාව ඒක නෙමෙයි. මේ කතාව එක්ක ඩග්ලස් දේවානන්දගේ සහෝදරයා මෙයාගේ ව්‍යාපාරික සගයෙක්. ඒ විතරක් නෙමෙයි ඩග්ලස් දේවානන්ද දුෂ්ෂ්‍යන්තන්ගේ වාහනය , ඩග්ලස් කොළඹ යාපනය යන්නේ බෙන්ස් වර්ගයේ සුදුපාට වෑන් එකකින්. මේ වාහනය ඉසිම අවස්ථාවක මාර්ග බාධකයකවත් පොලිසියකවත් නවත්වන්නේ නෑ. මේ වාහනය භාවිතා කරලා කොළඹට ගංජා සහ මත්කුඩු ප්‍රවාහනය කරනවා. ඒක බොහෝම වගකීමෙන් අපි කියන්නේ. මේ කටයුතු සම්බන්ධව දේවානන්දගේ පක්ෂයගෙන් තොරතුරු ලැබෙනවා. මේ තොරතුරු ලැබීමත් සමගම ඩග්ලස් හා පක්ෂේ නිලධාරින් අතර උග්‍ර ගැටුම් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වෙනවා. ඒ එක්කම ඩග්ලස්ගේ සොහොයුරාගේ හස්තය පක්ෂය ඇතුලේ ප්‍රබල වෙන්න ගන්නවා. මේ නිසා පක්ෂයේ හිටපු දැවැන්ත ජනප්‍රිය නායකයින් පක්ෂය අතහැරලා යනවා. උදාහරණයක් විදියට දැනට තුරු පළාත් සභාවේ විපක්ෂනායක තවරාසා. තවරාසා පක්ෂයෙන් ඉවත්ව යන්නට එක හේතුවක් වෙන්නේ මෙන්න මේ කාරණය. තවරාසා උතුරු පළාත් සභාවේ මේ කරුණු හෙළිදරවු කරනවා ව්‍යාපාරිකයාගේ හා ඩග්ලස් ගේ නම් නොපවසමින්. නමුත් ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වන අදිසි හස්තයකින් තවරාසාගේ කට වහනවා. දැනට අපිට ලැබෙන තොරතුරු අනුව මුදල් ප්‍රමාණයකින් තවරාසගේ කට වහලා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ විතරක් නෙම්යි සුරේශ් ප්‍රේමචන්ද්‍රගේ වාහනය පවා අවස්ථා ගණනාවකදි භාවිතා කරලා තියනවා කොළඹට ගංජා ප්‍රවාහනය කරන්න. නමුත් අවස්ථා හණනාවකදි එය සිදු කොට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඒ වැඩේ නතර කරලා දාලා තියනවා.

දුෂ්ෂ්‍යන්තන්ගේ විශ්වාසවන්තමයා වන්නේ අයිස් රංජි. අයිස් රංජී රාජපක්ෂලාගේ මෙන්ම වික්‍රමසිංහලාගේද දේශපාලන හෙංචයියන්, කුප්‍රකට ව්‍යාපාරික වළල්ල බලාගන්නේ ඔහු ඔහුගේ මැර බලය ඉතා විශාල එකක් සමහරු කැමති වුනත් දැන් මේ ගේම් එකෙන් අයින් වෙන්න බෑ අයින් උනොත් මරණය හැර වෙන විකල්පයක් නෑ. ඒක මේ හැමොටම පොදු කරුණක්.

Top