කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට පිවිසිමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ආසන දෙකකට වඩා ලබාගැනිමට අපහසු බව මේ වනවිට තහවුරු වි ඇති අතර තමන්ට මේ පාර කෙසේ හෝ පාර්ලිමෙන්තුවට පිවීසිමට  අවශ්‍ය බව පවසමින් වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ජේ සී අලවතුවල තමන්ගේ මැර කණ්ඩායම ලවා අකිලගේ කාර්යාලය වලට මැර ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් කර තිබේ.

මෙම පහරදිම සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රීයේ අලවතුවලගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවට ඇහුම්කම් දුන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයෙකු මෙම තොරතුර අප විශේෂ වාර්තාකරුට පවසා තිබේ.

අලවතුවල යනු තමාගේ මස්සිනාගේ කුඩු සල්ලිවලින් දේශපාලනය කර තම  පක්ෂයේම සහෝදර මන්ත්‍රීවරුන්ටද ගැටළුවක් වු අයෙකු වන අතර අලවතුවලට  නාමයෝජනා දිම සම්බන්ධයෙන් අකිල රනිල්ට කියා තිබු කතාවක් නිසා අලවතුවල අකිල සමග තරහින් පසුවන බව වාර්තා වේ.

“මර්වින්ලාට, දී.මු ලාට, දුමින්දලාට සුදාලට කුඩ්ඩන් කියා නම් තැබුවද අප්‍රසිද්ධියේ කුඩු වලින් රජ වූ පැල්මඩුල්ලේ විනිල් මැණික් ලා සමග එකතුවී ජනතාව රවට්ටන අලවතුවල නමැති කුඩ්ඩන් වයඹට කරන විනාශය නිසා අන්තිමට අපිටත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා.” යනුවෙන් අකිල පසුගියදා රනිල් සමග පවසා තිබේ.

කුරුණෑගල පරණ කතා – අකිල රනිල් ලඟ දනින් වැටේ -කුරුණෑගල අලියට ආසන 2ක් පමණයි

විනිල්ගේ කුඩු සල්ලිවලින් දුවන ජේ. සී. අලවතුවල

 

Top