ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් විදේශ මුදල් මත යැපෙන රටට එරෙහි මාධ්‍ය ඒජන්ත වරුන් වැඩ ආරම්භ කර තිබේ. මොවුන් කෙතරම් සූක්ෂමද කිවහොත් මොවුන්ගෙන් සමහරුන් රාජ්‍ය මාධ්‍ය තුළටත්, තවත් අය සිරිකොතේ සහ අරලිය ගහ මන්දිරයේ සිටත් ජාලගතව මෙහෙයුම් සිදුකරයි.

තවත් මාධ්‍ය ඒජන්තවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ප්‍රබලයන්ට සමීපව සිටින අතර ඔවුන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිමාමක ජනබලය දියාරු කිරීමට උත්සාහ දරමින් සිටී. ඒසෑම ඔවුන් ෆේස්බුක් හරහාද එක්සත් ජනතා නිදහස් සංධානයේ දේශපාලඥයින් නොමග යැවීමටත් උත්සාහ දරයි.

ඔවුන් ගැන සොයාගෙන යාමේදී, පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අමූලික බොරු ගොතමින් වැඩිපුරම මඩ ගැසූ lankaleaks.com , lankaxnews.com යන ඩොමේන් වල අයිතිකරු කවුදැයි මේ වන විට හඳුනාගෙන තිබේ. ඔහු කල්ප පල්ලියගුරුගේ නැමැත්තෙකි.

එජාප ය තුළ සම්බන්ධතා මාර්ගයෙන් ලැබුණ එම තොරතුර සනාථ කරන දෑ අන්තර්ජාලයේත් ඇත. උදාහරණ ලෙස lankaleaks.net නැමැති වෙබ් අඩවිය ලියාපදිංචි කරගෙන තිබෙන්නේ කල්ප පල්ලියගුරුගේ විසිනි. මූලාශ්‍රය: http://whois.domaintools.com/lankaleaks.net

kalpa-palliyaguruge

kalpa-palliyaguruge

lankaleaks.com නැමැති වෙබ් අඩවිය “Private Registration” ලෙසට ලියාපදිංචිව ඇති නිසා whois මගින් අයිතිකරුගේ නම බලාගත නොහැකි වුණත් ඊට සමාන domain නාමය කල්ප පල්ලියගුරුගේ වීම සහ එය අපට ලැබුණ අභ්‍යන්තර තොරතුර හා සමාන වීම අනුව දෙආකාරයකටම (double checked) මෙය තහවුරු වී තිබේ. එවැනි වෙබ් අඩවි මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන අදහාගත නොහැකි බොරු පුවත් මවමින් මඩ ගැසීම සිදුකළ අතර ඒවා ප්‍රචාරය කිරීමට විවධ කණ්ඩායම් යොදාගනිමින් facebook ගිණුම් දහස් ගණනක් ද නිර්මාණය කර ඇත.

lankaleaks.com වෙබ් අඩවිය හරහා “යෝෂිත රාජපක්ෂ සහ තජුඩීන්” නම් රගර් ක්‍රීඩකයෙකු අතර යම් ගැටුමක් තිබු බවට ව්‍යාජ පුවතතක් පළකරමින් , හදිසි අනතුරකින් මියගිය එකී තාජුඩීන් ගේ මරණයට යෝෂිත රාජපක්ෂ පැටලවීමට කටයුතු කර තිබුණි. (නමුත් එම චෝදනාව තජුඩීන්ගේ සහෝදරයා තරයේම ප්‍රතික්ෂේප කර ඇති බව asianmirror.lk හි සඳහන් වෙයි. එහි මූලශ්‍රය මෙම ලිපියෙන්) මෙම ව්‍යාජ පුවත භාවිතා කරමින් යහපාලන රජය යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම උත්සහ කළ බව පසුගිය මාස කීපය තුළ විවධ මාධ්‍ය ඔස්සේ වාර්තාවිය.

මීට අමතරව lankaleaks.com වෙබ් අඩවිය හරහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරහිව මැවූ “රත්තරන් ගණුදෙනුව”, නාමල් රාජපක්ෂට එරහිව නැගු “ක්‍රිස් හෝටල්” චෝදනා ඇතුළු බොරු චෝදනා රැසක නිර්මාණ කරු මෙම පුද්ගලයා බව දැනගැනීමට ලැබී ඇත.

කල්ප පල්ලියගුරුට ඇත්තේ අමුතුම පැටිකිරියකි, වසර 2004දී ඔහු පොදුජන එකසත් පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රධාන කාර්ය භාරයක් කරනු ලබන පුද්ගලයෙකි , ඉන් අනතුරුව වසර 2005 දී සහ 2010 ජනාධිපති මැතිවරණ වලදීද මැතිවරණ ප්‍රචාරණ වියපෘතියේ ප්‍රධානතම හවුල් කරුවෙකි. කෙසේ උවද මෙම පුද්ගලයා පින්සිරි කල්ලිය ඉතාම ලගින් ඇසුරු කල අයෙකි .

පුද්ගලික කාරණා හේතු මත රාජපක්ෂ වරුන් සමග උරනවූ කල්ප පල්ලියගුරුගේ, රාජපක්ෂවරුන්ගෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවි, එජාපයේ ආසන සංවිධානයක ධූරයක් ද ලබාගෙන , පසුගිය වසර දෙක තුනකට අසන්න කාලයක් තලදී රහසිගතව විවිධ රාජ්‍ය විරෝදී මඩ වෙබ් අඩවි සහ FACEBOOK (මුහුණු පොත්) භාවිතා කරමින් , මහින්ද විරෝධී මාධ්‍ය නඩය වන රුවන් ෆෙර්දිනාන්දු , දර්ශන සම්පත් සහ චන්දිම විතානආරච්චි කණ්ඩායම සමග එක්වී රාජපක්ෂ වරුන් කෘතිමව හොරු කිරීමේ වියාපාරයේ ප්‍රධාන සැලසුම් කරු ලෙස කටයුතු කළ බව ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත.

ව්‍යාජ ලෙස මඩ ගසන මාධ්‍ය මෙහෙයුමක් ඉදිරි මැතිවරණ කාලය තුල දී ද නැවතත් සිදුකිරීමට නියමිතව ඇත. එම නිසා ඉදිරියේදී කරලිය එන අභූත චෝදනා සම්බන්දයෙන් එකවර නිගමන වලට නොයන ලෙස හිතාදර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමි .

පසුගිය ජනපතිවරණ සමයේදී අවසන් සති 3 තුල මෙම වෙබ් අඩවි හරහා මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඉතාම සංවිධානාත්මක ආකාරයට අභූත චෝදනා නගමින් පුවත් පළකර තිබුණි. මේවන විට මෙවැනි කණ්ඩායම් සහ කල්ලි , බටහිර රටවල ආශීර්වාදයෙන් එම රටවල සිට සියලුම මෙහෙයුම් සිදුකරන බව දැනගැනීමට ලැබී ඇත.

විශේෂයෙන් මෙම පුද්ගලයා සහ ඔහුගේ කණ්ඩායම විසින් මේවන විට පවත්වාගෙන යනු ලබන විවිධ වෙබ් අඩවි සහ මුහුණු පොත් ව්‍යාජ ප්‍රතිරූප වලට මහින්ද පාක්ෂිකයින් ආකර්ෂණය කරගෙන පසුව අවසාන තීරණාත්මක මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට එරහිව පුවත් පලකිරීමේ සුදානමක් තිබෙන බව අපට ඉතාම විශ්වාසදායක මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත.

විශේෂ ලියුම්කරු – නාත් බණ්ඩාර

Top