සාධරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවිමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ නියෝජිතයෙකුට හිස් අතින්ම ආපසු හැරි එමට සිදුව ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.යහපාලනය මුවාවෙන් අමාත්‍යවරුන් පත් කිරිම,පරාජය වු අය යලිත් මන්ත්‍රීවරුන් ලෙස පත් කිරිම පමණක් නොව ඇමතිකම් පවා ලබා දෙමින් සාධරණ සමාජයක් ගොඩනැගිමට තමන් ගත් සියලුම ක්‍රියාමාර්ග මේ වන විට පාවාදිම හේතුවෙන් සෝභිත හිමියන් යහපාලනය මේ වනවිට දරුණු ලෙස මාධ්‍ය හරහා පහර දෙමින් සිටි.

අවස්ථා ගණනාවකදි ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ සෝභිත හිමියන් සම්බන්ධ කරගැනිමටද උත්සහ් කර ඇති අතර එම එකදු අවස්ථාවකටවත් සෝභිත හිමියන් පිළිතුරු ලබාදි නෑ.පසුව මෛත්‍රීගේ නියෝජිතයෙකු ඊයේ සවස කොට්ටේ නාගවිහාරයට ගොස් ඇත්තේ ජනාධිපතිවරයාගේ පණිවිඩයක්ද සහිතවය. නමුත් ඔහු හමුවිම සොභීත හිමියන් සම්පූර්ණයෙන් ප්‍රතිකේෂ්ප කර තිබේ.

මේ අතර නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පියවර නොගත්තේ දැයි සෝභිත හිමිගෙන් කළ කරුණු විමසීමකදී උන් වහන්සේ පවසා ඇත්තේ ” දැන් ඉතින් කතා කරලා වැඩක් නෑනේ.. ලෙඩා මැරිලනේ.. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.” යනුවෙනි.

මේ අනුව අප පසුගියදා කල අනාවරණය දැන් ක්‍රියාතමක වෙමින් තිබේන බව තහවුරු වෙමින් තිබේ.

රනිල් ජාතික ආණ්ඩුව අත්හරී -සෝභිතගේ රොටිය කරවිමේ රහස මෙන්න

Top