රටත් රටේ ජනතාවත් බෙදුම්වාදීන්ගෙන් ගලවා ගැනිමේ සටනට දිවිහිමියෙන් නායකත්වය දෙමින් තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විමට සුදානම් බව මැදමුලන සිට සමස්ත ජාතියම අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

මැදමුලනට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජාතික නිදහස් පෙරමුණ සහ අනෙකුත් සියලුම පක්ෂ එකට එකාබද්ධ කර ගනිමින් තමන් මැතිවරණ සටන මෙහෙයවන බවයි.

මගේ රටට,මගේ මාතෘ භුමියට මෙන්ම මගේ පක්ෂයටද තමන් කිසිදිනක ද්‍රෝහි නොවු බවද රාජපක්ෂ් මහතා පෙන්වා දුන්නා.ජාතික ආරක්ෂාව අනතුරේ හෙලමින් ත්‍රස්තවාදීන්ට පවා වන්දි ගෙවිමට එජාප ආණ්ඩුව කටයුතු කරමින් සිටි බවද ඔහු පෙන්වා දුන්නා.

වත්මන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා,ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නියෝග නොතකා කටයුතු කරන බවත් අදත් රනිල්ලා කටයුතු කරනුයේ රටේ ද්‍රෝහි සටන් විරාම ගිවිසුම අත්සන් කල යුගයේ මෙන්ම බවද මහින්ද මහතා මෙහෙදි පෙන්වා දුන්නා.

මට කවුරුන් මොනතරම් චොදනා කලත් මම මේ රටේ ජනතාවගේ හදවත් හැර වෙන කිසිම දෙයක් තමන් සොරකම් කර නැති බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

සහෝදරවරුණි අපට තිබෙන්නේ එකම වගකිමයි….ඒ රටේ ජනතාව සමග තිබේන වගකිම පමණක් බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළා.

Top