රට බෙදුම්වාදීන්ට ලියා දෙමින් සිටින රනිල් – මෛත්‍රී පරගැති ආණ්ඩුව රටේ ආර්ථිකය මේ වන විට මුලුමනින්ම විනාශයට පත්කර තිබෙන බව යහපාලන ආණ්ඩුවේ ආර්ථ්ක ඝාතකයන්ගේ උපදේශකයන්ම පෙන්වා දී තිබේ.වැරදි ආර්ථික ප්‍රතිපත්ති,මුල්‍ය වංචා, සහ ශ්‍රි ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ආණ්ඩුව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු වලින් ඉවත් විම මෙම තත්ත්වය උග්‍රවිමට බලපා තිබේන බවයි ඔහුන් පෙන්වා දි ඇත්තේ.

රාජ්‍ය සේවය සදහා සුදුසුකම් නැති අයවලුන් බදවා ගැනිම හරහා රාජ්‍ය සේවයේ වැදගත් ආයතන කිහිපයක්ම කම්බස් විමේ අනතුරකට මුහුණ දි තිබෙන බවද ඔහුන් පෙන්වා දෙනවා.විශේෂයෙන්ම මේ වනවිට රාජ්‍ය බැංකු සඳහා සුදුසුකම් නොමැති දේශපාලන පත්වීම් 500කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවත් එම පත්විම අතර සමාන්‍ය පෙල විභාගයටවත් පෙනි නොසිටි පුද්ගලයන් 100 ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ඔහුන් පෙන්වා දෙනවා.මේම පත්විම් සියල්ලම මුදල් ඇමතිවරයාගේ නිර්දේශ සහිත සිදුකර තිබේ.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ එම බැංකුවලට සම්බන්ධ පරිපාලන සමාගම්වලට මෙම පත්වීම් ලබාදීම රටේ මුල්‍ය  තත්ත්වයට මාරාන්තික අනතුරුදායක බවත් ව්‍යාපාර බිඳ වැටිම හරහා රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අහිමි විමත්,ඩොලර්යක අගය අසීමාන්තික ලෙස ඉහල යැමත් මා ආර්ථික අර්බුදයක පෙරනිමිති පලකර තිබෙන බවද ඔහුන් පෙන්වා දෙනවා.

මේ අතර 2014 මුල් කාර්තුවේ ශ්‍රි ලංකාවේ සිට විදේශයන් කරා ගමන් කර තිබේන ප්‍රමාණය සියයට 40කින් පමණ පහත වැටි තිබේන බව අනාවරණය වි තිබේ.ගුවන් ගමන් සදහා ගුවන් ටිකට්පත් ලබා ගැනිම පිළිබඳව කාර්තුවකට බැගින් ගුවන් ටිකට් පත් විකුණන ලබන ආයතන හරහා ලබාගන්නා දත්තයන්ට අනුව 2014 මුල් කාර්තුව හා සසදන විටදි 2015 මුල් කාර්තුව තුල රුපියල් මිලියන 400ක් ආදායම් පහල යැමක් සිදුව ඇති බවද එම උපදේශකයන් කණ්ඩායම පෙන්වා දි තිබේ.

මෙම ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් ජනපති හා අගමැති දැනුවත් කලද මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද ඔහුන් පෙන්වා දෙනවා.

“අගමැතිවරයාට අපි අවස්ථා ගණනාවක් මේ ගැන කිව්වා …මුදල් ඇමතිටත් කිව්වා.. නමුත් ඒ අය දැන් ඡන්ද වැඩවල…ජනාධිපතිතුමාටත් කිව්වා එතුමා අහගෙන ඉන්නවා …නමුත් එතුමාට මේ කිසිම දෙයක් තෙරෙන්නේ නෑ….” ආර්ථික උපදේශකවරයා අන්තිමට මෙහෙම කිව්වේ ලොකු කලකිරිමකින් …

Top