ශ්‍රි ලංකාව තුල සමලිංගිකයන් පිලිගැනීම, ඔවුනට නිත්‍යානුකූල අයිතීන් ලබා දීම ආදී සමලිංගික අයිතීන් ලබා ගැනීම සඳහා වූ වැඩමුළුවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ පැවැත්වුනා.මෙම වැඩමුළුව USAID සංවිධානය විසින් සූදානම් කර තිබූ අතර ඊට මෙරට සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතකින් පමණ 20 දෙනෙකුගේ පමණ පිරිසක් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකේද සහභාගී වී තිබින.

USAID සංවිධානයේ ඇමරිකානු නියෝජිතයින් කිහිප දෙනෙකුද වැඩමුළුව සඳහා සහභාගී වී ඇති අතර එහිදී වැඩි වශයෙන් අවධාරණය වී ඇත්තේ සමලිංගිකයත්වය ප‍්‍රවර්ධනය කිරීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම ආදි කාරණවාලට මෙරට දණ්ඩ නීති සංග‍්‍රහය අනුව හිමිව ඇති නීති විරෝධී තත්වය ඉවත් කර ගැනීම ගැනයි. සමලිංගිකයින් වෙනුවෙන් පෙනී සිටින ශ‍්‍රි ලංකික කාන්තාවක් විසින් තදින්ම අවධාරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේම කෙසේ හෝ මෙම අනපනත් සංශෝධණය කර ගැනීම හා නව අනපනත් ගෙන ඒම සිදු කල යුතු බවය.

සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය දෙන්න -සාකච්ඡාව එක්සත් සමලිංගික පක්ෂ කාර්‍යාලයේ යනුවෙන් අප පසුගිය ජුනී 16 වැනිදා වාර්තා කළ අතර එහි ඊළඟ පියවර ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පසුගියදා අනාවරණය කළා.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක දොළහ අනූ අංක එක යටතේ සියලුම ලිංගික අනන්‍යතාවයන් දරන පුද්ගලයන් සමාන කොට සලකන බවට පැහැදිලිවම සඳහන් වන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව සඳහන් කොට තිබේ.

Top