දෙමළ ජාතික සන්ධානය නොමැතිව එක්සත් ජාතික පක්ෂය සහ අනිකුත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව තරග කලහොත් ආසන 65ක් ලබා ගැනිම ඉතා අපහසු බැවින් එජාපය සමග එක්ව එකට තරග කිරිම සදහා යම් එකඟතාවයක් ගොඩ නැගිමට හැකියාවක් ඇද්ද යන්න සොයා බලා ඉක්මනින්ම දන්වන ලෙස නොර්වේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් දෙමළ ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හට දැනුම් දි තිබෙන බව ජාත්‍යන්තර අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

උතුර නැගෙනහිර දෙමළ ජනතාව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරික් සොල්හයිම්,විදේශ අමාත්‍ය මංගල සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ දකුණු අප්‍රිකාවේ හිටපු විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නියෝජිතයෙකු යැයි හදුන්වමින් සිටි අයෙකු එක්ව ලන්ඩනයේ් පැවැති රහසිගත සාකච්ඡාවෙදි මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

මේඅතර පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ලබන 10 වන දින කොළඹදී රැස්වීමට නියමිතයි.

මිට අමතරව උතුරේ ආරක්ෂක හමුදා ඉවත් කිරිම,ස්වයං පාලන ක්‍රමවේදයක් හදුන්වාදිම සහ යුධ අපරාධකරුවන් වහාම නීතිය හමුවට කැදවිම වැනි කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

මේ අතර මෙම සාකච්ඡා වලින් අනතුරුව විදේශ අමාත්‍ය මංගල සමරවීර ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් ඔහුගේ නිවසේදී හමුවි ඇති අතර පැය 3ක පමණ කාලයක් ඔහු සමගද සාකච්ඡා පවත්වා තිබේ.

Top