ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙකඩ විමේ අනතුරක් ඇති බව වාර්තා වේ.ඊට හේතු ඇත්තේ පැවැත්විමට නියමිත මහා මැතිවරණයේදි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමග තරග වැදිමට කැමැත්ත පලකිරිමත් තවත් කණ්ඩායමක් මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව තරග කලයුතු බවට පැවසිම නිසා බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග පසුගිය ඉරිදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර අනිවාර්යයෙන් තමන් සමග එක්ව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තරග කලයුතු බව රනිල් පෙන්වා දි තිබේ.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එකතු වුවද දෙමළ පක්ෂ එක් පැත්තක් ගැනිම හේතුවෙන් තමන් බරපතල අර්බුදයකට මුහුණ දි සිටින බවද රනිල් පෙන්වා දි තිබේ.

ජනාධිපතිවරණයේදි උතුරු නැගෙනහිර ඡන්ද ලක්ෂ 10ක් සහ කොළඹ හා කදුකරයේ ඡන්ද ලක්ෂ 5ක් පමණ ලැබුනද මහා මැතිවරණයකදි එම ඡන්ද සංඛ්‍යාව අහිමිවිම හේතුවෙන් තමන්ට බහුතරය ලබා ගැනිම කිසිසේත්ම කල නොහැකි බවයි රනිල් පෙන්වා දි ඇත්තේ.

නමුත් යන්තම් ජාමේ බේරා ගැනිම සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය අනිවාර්යයෙන් අවශ්‍ය බව පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් වාර්තාවන අන්දමට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග වැදිමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සියයට 20ක් වත් කැමත්ත පලකර නෑ.

Top