ආර්.ප්‍රේමදාස පිටියේ ඊ‍යේ පැවති ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරගය අතරතුර ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රේක්ෂක පිරිසක් පාකිස්තාන කණ්ඩායම ‍වෙත සහය දැක්වීයැයි පවසමින් පාකිස්තාන කණ්ඩායමට සහය දැක්වු ශ්‍රි ලාංකික මුස්ලිම් තරුණයන් ඇතුලු කණ්ඩායමකට පහරදිම පසුපසු අන්තවාදි බොදුබල සේනා සහ මේ දිනවම අනාතව සිටින මුස්ලිම් අන්තවාදි නායකයෙකු සිටින බවට  LNW  ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රිලාංකික මුස්ලිම් තරුණයන් සමග ගැටුමක් ඇති කර ගැනිම් මෙම කණ්ඩායමේ මුලික අරමුණ වි ඇති අතර  මිට අමතරව ක්‍රිඩාංගනයට පිටින්ද මෙම කණ්ඩායම සමග තවත් පිරිසක් සම්බන්ධව සිට ඇති අතර ක්‍රිඩාංගනයේ තත්ත්වය පොලිසිය පැමිණිමට පෙර සිංහල තරුණයක් පිරිසක් මැදිහත් වි පාලනය කිරිමත් සමග එම පිරිසද පහරදිම නතර කර තිබේ.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අතර කෑ ගසමින් කටයුතු කල කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනිමට පොලිසිය සුදානම් වුවද ඉහල පොලිස් නිලධාරියෙකුගේ නියෝගය මත මෙම අත් අඩංගුවට ගැනිම නතර කර තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා සිටියේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී ඇති බවත්ය.නමුත් මත්පැන් පානය කරමින් තවත් අයෙකුට කරදරකාරිලෙස හැසිරිම නීතියට අනුව වරදකි.එය පොලිසියට අමුතුවෙන් කියාදිය යුතු නැත.

ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී මාධ්‍ය කුටියට දකුණු පසින් වන්නට පිහිටි ප්‍රේක්ෂකාගාරයක උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, පසුව එය ගැටුමක් දක්වා වර්ධනය විය. ඉන් අනතුරුව ගැටුම පිටියෙන් පිටතටත් ව්‍යාප්ත වූ අතර, පසුව පිටත සිටි පිරිස් ක්‍රීඩාංගණයට ගල් හා බෝතල්වලින් ප්‍රහාර එල්ලකළහ. එසේ විසිකළ එක් ගලක් පිටියටත් වැටුණු අතර, ඒ හේතුවෙන් පාකිස්තානු කණ්ඩායම ආරක්ෂාකාරීව පිටිය මැදට වී මද වේලාවක් ගත කළේය.

පසුව ඔවුන් ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකරමින් සිටි සචිත් පතිරණයට හා තිසර පෙරේරාට දන්වා පිටියෙන් ඉවත්විය. මෙම ගැටුම මර්දනය කිරීමට කැරලි මර්දන ඒකකයද කැඳවූ අතර, ක්‍රීඩාංගණයට පිටතින් එන ගල් ප්‍රහාර පාලනය කිරීමට ඔවුන්ටද නොහැකිවිය. ඒ හේතුවෙන් තරගය විනාඩි 45ක් පමණ ප්‍රමාද විය.

මෙම තරගය නැරඹීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධානී සරීර් අබ්බාස් මහතා පැමිණි සිටි අතර මෙම කණ්ඩායම් වල එකම අරමුණ වි තිබුනේ මෙම ගැටුම් උග්‍ර ගැටුමක් බවට පත්කර ගැනිම සහ ඒ හරහා පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන්ම සිංහල බෞද්ධයන් මේ රටේ මුස්ලිම් ජාතිකයන් සමග බද්ධ වෛරයකින් සිටින බ්ව ජාත්‍යන්තරයට ගෙන යෑම බවයි  LNW  ඔත්තුකරුවන් අනාවරණය කර සිටියා.

සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින බොදුබල සේනා සංවිධානය දැන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම මැතිවරණයේ අන්තවාදි මුස්ලිම් කණ්ඩායම් සමග එක්ව සුක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින වට මේ වනවිට තොරතුරු අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් ලගදිම අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.

නමුත් මේ ගෙවෙන තිරණාත්මක මැතිවරණ සමයේ සිංහල බෞද සුදු පිරුවට පැලදගෙන එන අන්තවාදි  අබසරණ කාරයන්ට නොරැවටෙන ලෙස සිංහල,දෙමළ,මුස්ලිම් සමස්ත ශ්‍රිලාංකියන්ගෙන්ම අප  ඉල්ලා සිටිමු.

LNW01 LNW01

 

Top