බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරිම සදහා සුද්දන්ගේ උපදේස් රැගෙන පසුගියදා දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේගේ උපදේස් මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා උපදෙස් ලබාදීමට විදෙස් විද්වතුන් පිරිසක් වහාම උපදේශකයන් ලෙස පත්කිරිමට ශ්‍රි ලංකා වහල් යහපාලන ආණ්ඩුව කටයුතු සුදානම් කර තිබේන බව අප රජයේ අභ්‍යන්තර වාර්තාකරු අනාවරණය කර සිටි.

ඒ රජයේ ආරාධනාව අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා උපදෙස් ලබාදීමට විදෙස් විද්වතුන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර ඔහුන් අතර අමෙරිකාව,බ්‍රිතාන්‍ය,දකුණු අප්‍රිකාව සහ ස්ව්ට්සර්ලන්තය යන රටවල්හි විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් සිටින බව අනාවරණය වි තිබේ.

ඉන්දියාවේ ප්‍රාන්ත රජයන් පදනම් කරගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිමට කටයුතු කල යුතු බවත් ඒ වැනි ව්‍යවස්ථාවක් සාදන බවට රනිල්-මෛත්‍රී පොරොන්දු දි තිබේන බවද බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ පසුගියදා අනාවරණය කර තිබුනා.

මේ අතර පසුගියදා දිවයිනෙන් පිටව යැමට මත්තේන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බබා වු බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ කියා සිටියේ ලංකාවේ බෙදුම්වාදී නව ව්‍යවස්ථාව සැකසිමට බ්‍රිතාන්‍ය රජය කිසිදු බලපැමක් නොකල බවයි.

UK Foreign and Commonwealth Office Minister of State, Hugo Swire

Top