ජාත්‍යන්තර විමර්ශනයක් අනිවාර්යෙන්ම පැවැත්විමට කටයුතු කිරිම ජාතී ඝාතනයක් වු තමන් මවුබිමේ ජනතාවගේ එකම අභිප්‍රාය බව අවධාරණය කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්ගේ රහසිගත ලිපියක් ජිනිවා බලාගිය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්ගේ ඇතුලු ඩයස්පොරාවේ නීතිඥ කණ්ඩායම අද මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් වෙත භාරදිමට නියමිත බව ජිනිවා අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර ‘Sri Lanka: The Search For Justice’ නමින් ශ්‍රි ලංකා යුධ හමුදාව සහ රාජපක්ෂ රජය කල යුධ අපරාධ නමින් සකස් කල බොරු විඩියෝවක් චැනල් 4 නාලිකාවේ ‘No Fire Zone’ යන වාර්තාමය චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කල කැල්ලම් මැක්රේ ඇතුළු කණ්ඩායම ප්‍රදර්ශණය කිරිමට සුදානම් වන් බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි.

අවසන් සටනේදී, ශ්‍රී ලංකාවේ සිදුවූ බව පවසන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කිරීමේ අරමුණින් මෙම විඩියෝව ප්‍රදර්ශණය කිරිමට නියමිතයි.

මේ අතර රාජපක්ෂලා ඇතුලු රණවිරුවන් යුධ අපරාධ අධිකරණයකට පැමිණ විමට තවත් ප්‍රමාද වන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් විසින් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් වෙත විද්‍යුත් පණිවිඩයක් යවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30 වන සැසිවාරය මගින් තමන් අපේක්‍ෂා කරන්නේ කුමක්ද? යන්න පිළිබඳ  ඉල්ලීම් 09ක් ඇතුලත් මෙම ලිපියේ පිටපත්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට භාරදීමට කටයුතු කර තිබේ.

Top