එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය අද නම් කිරිමට සජිත් පිළ කටයුතු කර තිබේ.ලබන 18 වැනිදා එක්සත් ජාතික පක්ෂය රනිල්ගේ නායකත්වයෙන් යලිත් පරාජයට පත්විමත් සමග නායකත්වයෙන් ඉවත් නොවී දිගටම විපක්ෂ නායක ලෙස කටයුතු කරගෙන යැමට රනිල් වික්‍රමසිංහ සුදානමින් සිටින බැවින් 18 වැනිදා සිට ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය හරහා පක්ෂය මෙහෙය විම සජිත් පිළේ සුදානම බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා.

ඒ අනුව ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එජාප නායකත්වය මහා බෞද්ධයා ලෙස පෙනි සිටිමින් පසුගියදා බෙදුම්වාදීන් සමග මහින්දට එරෙහිව කුමන්ත්‍රණ කළ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රිය පාලනය පිළිබද අමාත්‍ය කරූ ජයසූරිය  පත්කර ඇති අතර සම නායකත්වයට සජිත් ප්‍රේමදාස පත්කර තිබේ.

මිට අමතරව ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එජාප මහා ලේකම්වරයා ලෙස සුජීව සේනසිංහද පත්කරගෙන තිබේන බව එම ප්‍රකාශකයා සදහන් කළා.ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ප්‍රථම විධායක රැස්විම හෙට රාත්‍රීයේ රැස්විමට නියමිතව ඇති අතර එහිදි අනෙකුත් නිළතල සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට නියමිතයි.

එජාපයේ මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට මූලිකත්වය ගන්නා 11 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම මෙලෙසයි. 
1. සුජීව සේනසිංහ
2. සජිත් ප්‍රේමදාස
3. කරු ජයසූරිය
4. බුද්ධික පතිරණ
5. හරීන් ප්‍රනාන්දු
6. තිස්ස අත්තනායක
7. රෝසි සේනානායක
8. මෛත්‍රී ගුණතිලක
9. ශිරාල් ලක්තිලක
10. තලතා අතුකෝරාල
11. රංජිත් මද්දුමබණ්ඩාර

නොසිතු ලෙස මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුක්ෂම ලෙස මැතිවරණ වයාපාරය මෙහෙය විමත්, රටේ ජනතාවගෙන් සියයට 60කටත් වඩා මහින්ද රාජපක්ෂ මහතාව රටේ ජනතාව පිළිගන්නා බව තමන්ගේම බුද්ධි අංශ අනාවරණය කිරිමත් සමග 2010 වසරේදී ඇනගත් ආකාරයටම යලිත් එක්සත් ජාතික පක්ෂ හොම්බෙන් යන්නට ඇනගෙන ඇති බව දැන ගත් එජාප ප්‍රභලයන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටින අතර සුපුරුදු පක්ෂ නායකත්වය වෙනස් කිරිමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ කර තිබේන බව අප ජුනී 29 වැනිදා අනාවරණය කලා.

එජාප පීඩනය උග්‍ර අතට -රනිල් එලවා එජාප නායකත්වය කරු ජයසූරියට දීමට සූදානමක්!

RW_KJ_MS_RS_AK_LNW_KARUමෙම අනාවරණයේ එක් පලයක් ලෙස කරු ජයසුරියට ආසනයක් අහිමි වි ගිය අතර ජාතික ලැයිස්තුවේන් මැතිවරණයට ඉදිරිපත් කිරිමටද රනිල් කටයුතු කලා.ඊට අමතරව දෙමළ සන්ධානය,හකිම්,ෆොනී,අනුර,එක්ව කල කුමන්ත්‍රණයකටද කරුව බලෙන්ම සහභාගි කරගත් රනිල් එහි තොරතුරුද ප්‍රසිද්ධ කිරිමට කටයුතු කලා.

කුමන්ත්‍රණ එජාපයේ මහා සිංහල බෞද්ධයාට කෙලවේ -නැට්ට ගිනී තියන් රට වටේ දුවයි….

රාජපක්ෂලාට මඩ ගසන්නට ගොස් මුලු එක්සත් ජාතික් පක්ෂයේම දැලි ගෑ රවී කරුණානායකට වහාම සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හරහා නියෝගයක් නිකුත් කරන ලෙස සජිත් පිළේ සමාජිකයන් රනිල් වික්‍රමසිංහ සමග ගැටුමක් ඇතිකර ගත් අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට එජාප මහා ලේකම්වරයාගෙන් කල ඉල්ලිමද අහක දමා තිබේ.

රනිල්ගේ,සජිත්ගේ මගේ අතේ ලේ නෑ -කොටහේන ඝාතනය රවීගේ පාතලයේ-සුජිව,රවී පැන්නුවේ නැත්නම් තින්දුවක් ගන්නවා- සජිත්

පසුගිය සතියේ රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නුකුත් කරනු ලැබූ බුද්ධි අංශ වාර්තාව සමගින් එජාප අභ්‍යන්තරය ඉතා උණුසුම් වී ඇති බවදැනගන්නට ලැබේ. බොහොමයක් චෝදනා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුවී ඇති අතර ඔහුගේ අකාර්යක්ෂමතාව මෙයට හේතු වී ඇති බවත් ගේම් ගහලා මැතිවරණ දිනන්නට යාම හේතුවෙන් මේ තත්වයන් ඇති වී ඇති බවත් බහුතරයගේ මතය වී තිබේ.

එහෙත් මේ සිදුවීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා තම හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහ ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් සමග රහසිගත සාකච්චාවක් කොළඹ 7, මල් පාරේ ඇති ආයතනයක කාර්යාල කාමරයක් තුල පවත්වා ඇත. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම මැතිවරණ පරාජයෙන් පසුව ඔහුට තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටීමට නොහැකි වීම හේතවෙන් පක්ෂ නායකත්වය තමාට ලබා ගැනීම සඳහා තම හිතවතුන්ගේ එකඟතාව ලබා ගැනීමයි.

පරාජයත් සමග පවත්වන පළමු පක්ෂ සමුළුව වන විට තමාගේ නම නිල නොලත් ආකාරයෙන් ප්‍රසිද්ධ කර තිබිය යුතු බව සහ රවී කරුණානායකට මහා බැංකු වංචාව අලලා පුළුල් ප්‍රචාරයක් දිය යුතු බවත් මොවුන්ගේ අදහස වී තිබේ.

Top