යහපාලනය නමින් ජනවාරි 8 වැනිදා රටතුල මතුවු බෙදුම්වාදීන්ට එරෙහිව කිසිදු භියකින් තොරව යහපාලකයන්ගේ මජර වැඩ රටේ මෙන්ම ලෝකයේ ජනතාවට ගෙන එමින් යහපාලන රෙද්ද කැඩු ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (www.lankanewsweb.today) වෙබ් අඩවියට දින 2ක සිට යහපාලන වෛරස් ප්‍රහාරයන් හරහා වෙබ් අඩවියට පැමිණිම අවහිර කරමින් සිටි.

2015 ජනවාරි 23 වැනිදා ආරම්භ කල www.lankanewsweb.today වෙබ් අඩවිය සිය පලමු පුවත් ලෙස වාර්තාකළේ –මහින්ද,විමල් වට්ටන්න “රෝ” දිවයිනට යන පුවත වන අතර එදා මෙදා තුර වගකිමෙන් යුතුව කල වාර්තාකරණයන් හමුවේ යහපාලකයන් පවා තක්කු මුක්කු වි සිටියේ එවා සත්‍ය මෙන්ම නිවැරදි නිසාවෙනි.

ජනවාරි 8 වැනිදා මේ රටේ ප්‍රගතිශිලී ජනතාව මර්දණය කලා යන උද්දාමයෙන් උඩ පැන්න දකුණේ බෙදුම්වාදීන් මෙන්ම දකුණේ බෙදුම්වාදීන්ටද දැන් තරු පෙනී අවසානය. ඒ නිසාම වන්නට දැන් උත්සහ කරනුයේ තමන්ගේ බොරුව වසා ගැනිම සදහා වෙබ් අඩවියට පහර දිමය.

නමුත් යහපාලන වෛරසයට වඩා “මව්බිම” වෙනුවෙන් ගොඩනැගුනු අප ශක්තිමත් බව යහපාලන ටොයියන්ට අප අවධාරණය කර සිටිමු.

Top