LNN SPY

TNA රනිල්ට පක්ෂ බව ඉන්දියාව ජනපතිට කියයි…. එජාපත් රනිල් වෙනුවෙන් හිට ගනී!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරිම සදහා සහය දිමට ද්‍රවිධ ජාතික සන්ධානය කැමත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.ද්‍රවිධ ජාතික සන්ධානයේ නිල නිවේදනය ඉන්දිය මධ්‍යම රජයේ ඉහල පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දන්වා ඇති බවත් එය විශේෂ සිද්ධියක්ද වන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධානයේ අර්බුදයක් හටගෙන ඇති අතර එම අර්බුදය ද්‍රවිධ ජාතික සන්ධානය දෙකඩ විමක් දක්වා ඇදි ගොස් තිබේ.දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව දහසයක් වන අතර මේ දක්වා ඔහුන් යහපාලන ආණ්ඩුවට සහය දිමට කටයුතු කලද උතුරේ විවිධ කණ්ඩායම් දේශපාලනයට ප්‍රවේශ විමත් සන්නද්ධ බලය නොමැතිව ඔහුන් බය කිරිමට අසමත් විමත් සමග එම කණ්ඩායම් මේ වනවිට ද්‍රවිධ ජාතික සන්ධානය ඉක්මව යෑම හේතුවෙන් ද්‍රවිධ ජාතික සන්ධානයෙ ඇතැම් මන්ත්‍රීවරුන් සිය පක්ෂයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව සිට තිබේ.

ඒ අනුව ද්‍රවිධ සන්ධානයේ මන්ත්‍රීවරුන්7 දෙනෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඡන්දය ප්‍රකාශ කලයුතු යන මතයි දරමින් සිටින අතර ඒ හේතුවෙන් පක්ෂයේ නායක විපක්ෂ නායක ආර්.සම්පන්තන්ද දැඩි ලෙස බලපෑමකට ලක්ව සිටියා.

කෙසේවෙතත් ද්‍රවිධ සන්ධානය නැමති රූකඩ පාලකයන් නටවන ඉන්දියාවෙන් ලැබුන නියෝගයකට අනුව මේ වනවිට සන්ධානය රනිල්ට පක්ෂව ඡන්දය ලබාදිමට එකගතාවට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂය රනිල් වෙනුවෙන්

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව අන්ත පරාජයකට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීන්දු කර තිබේ.එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මුලස්ථානයේදී අද (29) උදේ රැස්විය.

ඊට අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ අවස්ත්වවෙදී කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් අවධරණය කර සිටියේ සියලු දෙනාම එකට එක්ව මේ විශ්වාස භංගය පරාජයට පත් කළ යුතු බවය.

මේ අතර නායකයාගේ සිට පහළට එක්සත් ජාතික පක්ෂයේ සිදු විය යුතු පුළුල් ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස පළමු වැනිදා සිටම ආරම්භ කළ යුතු බව අවධාරණය කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අප්‍රේල් මස 10 වැනිදා වන විට අවසන් කළ යුතු යැයි ද තීරණය කර තිබේ.

Top