Anonymous Reporter

පාස්කු ප්‍රහාරයට වසරයි……… පාලකයන්ගේ ඔල මොට්ටලකම් තවමත් අවසන් නෑ!!!! මලමිනි දේශපාලනයෙන්, කොරෝනාවෙන් රජ වෙන රාජපක්ෂලා…

ජේසු සමිදුන්ගේ උට්ඨානය සැමරීමට පවුල් පිටින් පල්ලියට ගිය අහිංසක ජනතාව අමු අමුවේ ඝාතනය කරමින්  බල ලෝභි දේශපාලනය ජයග්‍රහණය කරවීමට පිඹුරු පත් සකසා අදට වසරක් ගෙවී ගොස් ඇත. 300කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කරමින් තවත් විශාල කරමින් සිදු වූ ඒ අමානුෂික ප්‍රහාරය අදටත් ලංකාවේ සුවසක් ජනතාවගේ හිත් තුළ ඉතිරි කොට ඇත්තේ දැවැන්ත වේදනාවක් පමණි.

ජීවිතය යනු කුමක්ද කියා හෝ නොදන්නා අහිංසක කිරි දරුවන්, ජිවිතය අලුතින් ආරම්භ කළ තරුණ තරුණියක්, සිය ජීවිතය පවුල සමඟ ගෙවීමට ආශා කළ තවත් බොහෝ පිරිසක් මේ මිලේච්ඡ ප්‍රහාරය නිසා රටට අහිමි වුණා. ඒ වෙනුවෙන් මේ දක්වා පාලකයන් කළ එකම ක්‍රියාව වූයේ එම ප්‍රහාරයේ වරදකරුවන් සෙවීම සිය දේශපාලන වාසියක් කර ගැනීම පමණි. අවසානයේ හිටපු පාලකයන්ද, ඉන්න පාලකයන්ද එකතු වී උදෑසක 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකට ඒ සියලු ජීවිත වල වටිනාකම හිලව් කොට අවසන් ය.

පාස්තු ප්‍රහාරයේ වගකීම සිරිසේන – රනිල් රජය විසින් එහාට මෙහාට බෝලේ පාස් කර ගනිද්දි, මාකඳුරේ මදුෂ් පස්සේ සියලුම බුද්ධි අංශ මෙහෙයවිමින් අමුතු උණකින් පෙලුණු හිටපු ජනාධිපති සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු බුද්ධි තොරතුරු ගණන් නොගත් බව පසුගිය අවුරුද්ද පුරා හෙලි වූ කරුණු වල සාරංශයයි. ක්‍රිස්තියානි, කතෝලික, ප්‍රොතෙස්තන්ත භේදය සොයමින් සිටි සිරිසේනගේ මරි මෝඩ ආරක්ෂක උපදේශකයින් ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය මෙම ප්‍රහාරයට පාර කපා දුන් බව පැහැදිළිය.

එසේම පාස්කු ප්‍රහාරයෙන් අප හැර දා ගිය අයගේ මෘත ශරීර වල රස්නය නිවීමට පවා පෙර සිය දේශපාලන ආගමනය තහවුරු කර ගත්, සිය පාලන කාලය තුළදි අන්තවාදීන්ට කිරි පොවා ඇති දැඩි කොට සිය පටු දේශපාලනය වෙනුවෙන් ඔවුන් රැහෙනෙන් නිදහස් කළ රාජපක්ෂලා ද මේ ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු බව ලංකා නිවුස් වෙබ් අපි පසුගිය අවුරුද්ද පුරාම කරුණු සහිතව ඔප්පු කොට ඇත්තෙමු.

Top