Breaking
19 Feb 2025, Wed

මෛත්‍රී-ගෝඨා පමණක් නොව මහින්ද ඇතුළු පවුලම ඝාතන සැලැස්මක් එළියට…. ඉන්දියන් ජාතිකයා අමුතුම කතාවක් කියයි

Published on: Sep 26, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එම පවු‍ලේ සෙසු සාමාජිකයනුත් ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැකකාර ඉන්දියානු ජාතිකයා අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

ඝාතන කුමන්ත්‍රණ සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණී බව කියන ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය.

දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ එම්. තෝමස් නමැති එම ඉන්දියානු ජාතිකයා එවැනි ඝාතන සැලසුමක් තිබූ බවට ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව හෙළිකර ඇති බැවින් එම සැලසුම කවුරුන් කා සමග සකස් කළේද යන්න අනාවරණය කරගැනීම විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මේ වන විටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන එම ඉන්දියානු ජාතිකයාගෙන් අනාවරණය වන තොරතුරු ඔස්සේ වැඩිදුර විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට අනාවරණය කළ දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සාම්පල් ලබාගැනීම සඳහා ඔහුව අද පෙරවරු 10.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළාය.

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග නාමල් කුමාර නමැත්තා අතර ඇතිවූ දුරකථන සංවාද සනාථ කරගැනීම සඳහා සිදුකරන විමර්ශනවලට නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සාම්පල් ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා හෙළිකළ තොරතුරු අනුව ඔහු සමග සබඳතා පැවැත්වූ එකී ඉන්දියානු ජාතිකයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී එකී තොරතුරු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකර තිබුණි. සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එකී ඉන්දියානු ජාතිකයාගේ වීසා කාලය මේ වනවිට අවසන්ව තිබියදීත් රාගම ප්‍රදේශයේ පිහිටි කාමරයක් කුලියට ගෙන ඔහු නවාතැන්ගෙන සිට ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ කිසිඳු රැකියාවක් සිදුකර නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.