විශේෂාංග

8 අසමත් ආර්ථික ලොක්කන්ගේ රට කෑම

පහුගිය අවුරුද්දෙ කොළඹ කොටස් වෙළද පොලේ  29% වර්ධනයක් සමග සමස්ථ ම්ළ දර්ශකය 7600 නැගල තිබුනත්,  චන්ද කාලේ කට්ටිය කිව්වෙ යු. ඇන්. පි ය ආවොත් මිළ දර්ශකය බලන් ඉන්දැද්දි සුරුස් ගාල 8000 ට යයි කියලාය. දොස්තර හර්ෂ ද සිල්වා පහුගිය කාලයේ  සංඛ්‍යාලේඛණ  ප්‍රස්ථාර පෙන්නමින්  කියන කතා අහලා අපි හිතුවේ යු. ඇන්. පි.ය  බලයට ආපු දාට රට ගොඩ කියලාය. 
29 පාරක් පැරදිච්ච රනිල් ලොක්ක  අන්තිමට මෛත්‍රි කරපිටින්, හොර පාරෙන් හරි බලයට ආවහම අපි ඔක්කොම අත්පුඩි ගහල සෙට් උනේ ගොඩයන්න  හිතාගෙනය.  විශේෂයෙන්ම කොටස් වෙළද පොල හර්ෂ ද සිල්වා යටතට ගත්ත නිසා වැඩේ තවත් ෂුවර් විය. දුවගෙන ගෙන ගිහිල්ල අතේ තිබිච්ච සල්ලි ටික ඔක්කොම කොටස් වෙළද පොලේ දැම්මෙ ඒ නිසාය.(හර්ෂ ද සිල්වා ලංකාවේ අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයවත් ලංකාවේ සමත් වි නැත.)
වැඩේ  ටිකක් කචල් කියල ඉස්සෙල්ලම හිතුනේ හර්ෂය උදේ පාන්දරම 2011-2012 කොටස් වෙළද පොල කාපු එකට මහින්ද්ද එලවල තිබුනු  78 හැවිරිදි  පිස්සු තිලක් කරුණරත්නව ආපහු කොටස් වෙළද් පොලේ සභාපති ලෙස ගෙනාවමය. ආපු දා ඉඳල ඒ හනුමා කෙල්ලින්නෙම පිස්සුය.   පුද්ගලික කෝන්තර තියෙන කිහිප දෙනෙකුට කෙලවන අදහස  විතරක් ඔලුවේ තියාගන , නැති ගෝනි බිල්ලො කට්ටියක් ගැන පත්තර වලට කොච්චරවත්ම  කතා කරනව ඇර මේ යකාට කොටස් වෙළ්ද පොල ගැන හාංකවිස්සියක්වත් තේරෙන්නේ නැති බව 2011-2012 කාලය ගැන දන්න ඕනැම ගොනෙකුට තේරෙන්න ඕනෑය. ඉතින් එක නොදැන පිස්සු තිලක් ආපහු ගෙනාවේ ගොන් රජෙක්ම වෙන්න ඕනෑය.
අනික් පැත්තෙන් රවි කරුණානායක මුදල් ඇමති 8 පන්තියේ ලමයෙක්වත් නොකරන වැරදි ගොඩක් පලමු අයවැයෙන්ම කරලා මුලු ආන්ඩුවම දැන් නාගෙනය. ආන්ඩුවෙන් ඉල්ලපු ඩොලර් බිලියන 4ක ණය ඇමෙරිකාවෙන්ම ප්‍රතික්ෂේප වෙලා හින්ද  අගොස්තු මාසය වන විට  සංවර්ධනය තබා රජයේ සේවකයන්ට පඩි ගෙවන්නටවත් ආන්ඩුවට මුදල් නැත.
මහ බැංකුවෙ අධිපති ලෙස රනිල් පත්කරගත් අර්ජුන මහෙන්ද්‍රන් නැමති  කම්බ හොරා පත්වී මාසයක් යන්නටත් පෙර තමුන්ගේ බෑණා වන මෙන්ඩිස් අරක්කු සමාගම අයිතිකරුවන  අර්ජුන් අලොසියස් සමඟ එකතු වී රුපියල් බිලියනයකට අධික මුදලක් කොමිස් ගසා අසුවිය. දින 100 යන්නටත් පෙර  යහපාලන කට්ටියට තමුන්ගෙම මහ බැංකු අධිපතිගේ මුදල් වංචා ගැන සොයන්නට කොමිසමක් පත් කරන්නට සිදුනේ ඒ නිසාය. හැබැය ඉතින් බිලියන් වලින් ගහපු සල්ලි වලින් ටිකක් එහාට මෙහාට කලාම කොමිසන් වාර්ථාව පිරිසිදු කර ගන්න එක සුළු දෙයක් බව මොලේ තියන ඕනෑම අයෙකුට තේරේ. ඉලෙක්ෂන් එකක් ලඟ ලඟ එද්දී කොයි කොයි ලොක්කටත් මුදල් අවශ්‍යය. නඩුත් හමුදුරුවන්ගේ ,බඩුත් හමුදුරුවන්ගේ කියන්නේ මේකටය.
ඔලුව කැපිච්ච කුකුලෙක් වගේ ආන්ඩුව දඟලද්දී කොටස් වෙළද පොල නැවත කඩා වැටිම ආරම්බ වී ඇත.  රනිල් හර්ෂ රවී ආන්ඩුව බලයට පැමින දින 60ක් ගත වන්නටත් පෙර පිස්සු තිලක් සභාපති කම උසුලන කොටස් වෙළද පොල 9% කින් කඩා වැටිඇත.  ඡන්දයට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ 7600 ඉහල ගොස් තිබු කොටස් වෙළද පොල මිළ් දර්ෂකය මේ වන විට සීඝ්‍රයෙන් 7000 මට්ටමට කඩාවැටෙමින් පවතී. තව ටික දවසකින් මෙය 6000 නුත් පල්ලහාට එනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top