Featured

ගුටිබැට හුවමාරුවක් හෝ අගමැතිවරයාට පරුෂ වචනයෙන් බැණවැදිමක් සිදුවූයේ නෑ -පිලිතුරු දිමේ අයිතිය

ITN ප්‍රවෘත්ති අංශය තුල දරුණු ගැටුමක්-මාවලගේ ITN අතහැර යයි යනුවෙන් පසුගිය මැයි 27 වැනිදා අපකල අනාවරණය සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය යටතේ ITN ප්‍රවෘත්ති අංශයේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලාල් හේමන්ත මාවලගේ මහතා විසින් පිළිතුරක් එවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ලාල් හේමන්ත මාවලගේ මහතා සදහන් කර ඇත්තේ ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න සහ තමන් අතර බහින් බස් විමක් සිදු වු නමුත් දෙදෙනා අතර කිසිම ආකරයක ගුටිබැට හුවමාරුවක් සිදු නොවු බවයි.ඊට අමතර ආණ්ඩුවට හෝ අගමැතිවරයාට හෝ වෙනත් දේශපාලන ක්‍රියාධරයෙකුට හෝ පරුෂ වචනයෙන් බැනවැදිමක් සිදුනොවු බවද ඔහු සිය පිළිතුරේ සදහන් කර තිබේ.

පරිපාලන කරුණු හෙතුවෙන් සිදු වු බහින් බස් විම දේශපාලනික ගැටුමක් බවට පරිවර්තනය කිරිම සදහා තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන බලවේග උත්සහ ගනිමින් සිටින බවත් එහි ප්‍රතිපලයක් ලෙස අදාළ පුවත් විකෘති කර ලබා දිමට කටයුතු කර තිබේන බවද එම පිළිතුරු වල සදහන් කර තිබේ.

අප විසින් කල අනාවරණය පහත දක්වා තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/15880

Top