Featured

මෛත්‍රීට විධායක රස වැටේ….විධායක අහෝසි කරන්න මෛත්‍රී පොරොන්දු වුනේ නෑ …හතර විලි ලැජ්ජාවයි…මෙන්න නියම සිරා

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවට රට තුළින් හඬ නැඟී එමින් තිබිය දී එය අහෝසි කළ යුතුද යන්න තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමේ සූදානමක ජනාධිපතිවරයා යෙදී සිටින බව වාර්තා වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර බරපතල ප‍්‍රතිවිරෝධතා වර්ධනය වී තිබිය දී මෙම උපක‍්‍රමය අනුගමනය කිරීමට සැරැසීම විශේෂත්වයක් ය.

මෙයට පෙර අවස්ථා ගණනාවක දී ශ්‍රී.ල.නි.ප. මෛත්‍රී පිලේ ප‍්‍රබලයන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බවට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බව ය. එම අදහස වැඩි දුරටත් තහවුරු කිරීම සඳහා අදාළ ප‍්‍රකාශයෙන්, පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයද උපුටා දක්වමින් තිබිණි. එමඟින් අවධාරණය කළේ ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් කරන බව මෛත්‍රී දක්වා ඇති බව ය.

එහෙත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී එම සංශෝධන යෝජනාව ජනමත විචාරණයකටද ලක් කළ යුතු බව නීතිමය පසුබිම වී තිබෙන බව අවධාරණය කර තිබිණි. තවත් ප‍්‍රකාශකයකු කියා තිබුණේ විධායක ක‍්‍රමය අහෝසි කරන බවට මෛත්‍රී පොරොන්දු නොවූ බව ය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තම නියෝජිතයන් යොදවා විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර සිටීමට සැලැසුම් කර තිබුණද දැන් රට තුළ එම සංවාදය යළි ඇති වීම හමුවේ මෙය අහෝසි කරන්නේද නැද්ද? යන්න තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමේ සූදානමක් ගැන වාර්තා වේ.

Top