Featured

රැහේ එවුන්ට සලකනවා කිව්ව එකෝ….ජොන් බල්ලා බදිනවාද? පොල්ලෙන් ගහන්නද?කෝ අර මාධ්‍ය නිදහස ගැන කෑ ගහපු අමන රැල

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු වන ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන් දෙදෙනකුට ප්‍රසිද්ධියේ බැන තර්ජනය කිරීම දැඩි ලෙස හෙලා දකින්නෙමු. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණ ප්‍රසිද්ධියේ යහපාලනය උල්ලංඝණය කරන මෙවැනි ඇමැතිවරුන්ට  එරෙහිව වහා පියවර ගන්නැයි ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙකු ලෙසත්  ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙසත්  මම දැඩිව ඉල්ලා සිටිමි.

ආණ්ඩුව හෝ ආණ්ඩුවට සම්බන්ධ හෙංචයියන් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් වෙත තර්ජන ගර්ජන එල්ල කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද රාජ්‍ය නායකයාගේ පටන් විවිධ තරාතිරමේ අය මෙම පහත් නින්දිත ක්‍රියාවේ නියැලෙනු අපට පසුගිය වසර දෙකහමාරක  කාලය තුළ ඕනෑවටත් වඩා දකින්නට ලැබුණි. ඒ පසුගිය තුළ මාධ්‍ය ආයතනවල සිදුවුණු දේශපාලන දඩයමට අමතරවය.

එක්සත්  ජාතික පක්ෂයට සෑමවිටම ඇත්තේ මාධ්‍ය නිදහස වෙනුවෙන් නොව මාධ්‍ය මර්දනය වෙනුවෙන් කටයුතු කළ ඉතිහාසයක් බව අමතක කළ යුතු නොවේ. රිචඩ් ද සොයිසාගේ පටන් දෙස් විදෙස්හි සුපතළ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් ගණනාවකට ජීවිත අහිමි වූයේ එ. ජා. ප පාලන සමයන් තුළ බව නොරහසකි. එ. ජා. පයෙන් මාධ්‍ය නිදහස අපේක්ෂා කිරීම ගණිකාවකගේ පතිවත බලාපොරොත්තු වීමක් බඳු ක්‍රියාවකි.

එහෙත් මාධ්‍යවේදීන්,කලාකරුවන් වැනි සංවේදී මිනිසුන්ගේ දුක සැප නිති සොයා බැලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ගෑවී සිටින හවුල් ආණ්ඩුවක් යටතේ මෙවැනි තර්ජන සිදුවීමත් එවැනි තර්ජන කරන්නන් නිරුපද්‍රිතව සිටීමත්ය සංවේගයට කරුණකි. අපට කණගාටුවට කරුණ වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ මෙම නොමනා ක්‍රියා නිසා ආණ්ඩුවට බලෙන් හේත්තු කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද කලු පැල්ලමක් එකතු වීමය.

මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පම්පෝරි ගසමින් බලයට ආ යහපාලන රජයට මෙවැනි නින්දිත සහ නිර්ලජ්ජිත ක්‍රියාවලට එරෙහි පියවර ගැනීමට තබා එවැනි ක්‍රියාවල නියැලෙන අධමයන්ට අවවාද කිරීමට තරම් පිටකොන්දක් නොමැති වීම සම්බන්ධයෙන් අප කණගාටු වන්නෙමු. එවැනි පියවරක් නොගැනීම දිගින් දිගටම මෙවැනි සිදුවීම් වීමට අනුබල දීමක් බව මාගේ හැඟීමයි.

තමා මාධ්‍යවේදියකු බැවින් තමාගේ රැහේ එවුන්ට සලකන බව ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළේය. කතාව එසේ වුවත් ආණ්ඩුව  මාධ්‍යවේදීන්ට සලකනු තබා ආණ්ඩුවේ හෙන්චයියන් මාධ්‍යවේදීන්ට පහර දෙන විටත් ජනාධිපතිවරයා  ඒ පිළිබඳ වචනයක්වත් ප්‍රකාශ කර නොමැත. රටේ මාධ්‍යවේදීන් පමණක් නොව සුවහසක් ජනතාව ද ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන්නේ මෙවැනි ඇල්මරුණු ප්‍රතික්‍රියාවක් නොවේ.‍

හම්බන්තොට වරාය පෞද්ගලීකරණයට එරෙහිව පැවැති උද්ඝෝෂණයක දී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දුන් බව රූපවාහිනී නාලිකා මගින් මුළු රටම දුටුව ද ඒ ගැන කිසිදු පරීක්ෂණයක් නොපැවැත්විණ. එපමණක් නොව සිද්ධියට වගකිවයුතු නාවික හමුදාපතිවරයාට ජනාධිපතිවරයා සේවා දිගුවක් ලබා දුන්නේ මාධ්‍යවේදියාට පමණක් නොව රටටම යළිත් කනේ පහරක් එල්ල කරමිනි.

එබැවින් යහපාලන ආණ්ඩුව මඟින් මෙවැනි සිදුවීම් පිළිබඳ පරීක්ෂණයක් සිදුවෙතැයි අපේක්ෂා කිරීමම මහත් මුලාවකි. ආණ්ඩුව මෙන්ම පොලීසිය ද මැරයන්ට රැකවරණ දෙන නිරායුධ මිනිසුන්ට පහර දෙන මැර ඒකකයක් බවට පත්ව තිබීම අවාසනාවට කරුණකි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති උනන්දුව මෙවැනි සිදුවීම්වල දී පොලීසියට නොමැති බව රටට පැහැදිලිය.

ප්‍රදීප් එක්නැලිගොඩ, කීත් නොයාර් වැනි සිදුවීම් පසුපස දඩ බල්ලන් මෙන් හඹායන පොලීසියට ද අපි අභියෝගයක් කරන්නට කැමැත්තෙමු. එනම් සාක්ෂි ඇස්පනා පිට පෙනෙන්නට තිබිය දී මාධ්‍යවේදියකුට තර්ජනය කරන මෙම ඇමැතිවරයාගෙන් අඩු ගණනේ ප්‍රශ්න කරන ලෙසය. නීතිය නවන, නීතිය දිගහරින පොලීසියට එවැනි නිර්භීත පියවරක් ගැනීමට නොහැකිවී මේ වගකීම පොලීසියේ කොන්ද කැඩූ පොලිස්පතිවරයා භාර ගත යුතුය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මාධ්‍ය නිදහස කඩවීම සම්බන්ධ සිදුවීම් පිළිබද චෝදනා එල්ල වූ අතර ඒ පිළිබද කණගාටුවෙමු ඒ පිළිබද හන්දියක් හන්දියක් ගාණේ උද්ඝෝෂණ කළ ඊනියා මාධ්‍ය ඔස්තාර්වරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු යහපාලන ඔඩොක්කු කුක්කන් රැළට මෙවැනි පහරදීම් නොපෙනෙන්නේ ඇඳ යට රිංගාගෙන  සිටින නිසාදැයි අප නොදනිමු. එසේත් නැත්නම් කෑගසන්නට තරම් ඩොලර් කුට්ටි මෙහි නොසෙල්වන නිසා දැයි නොදන්නෙමු.

අසල්වාසීන් සපා කන්නට පනින සුනඛයා බැඳ දැමීම සුනඛ හිමිකරුවකුගේ යුතුකම හා වගකීම වන්නේය. එසේ බැඳ දැමීම සුනඛයාට මෙන්ම සුනඛ හිමිකරුට ද යහපතක්ම විය හැක්කේ එසේ නොවන තැන  සුනඛයාට මෙන්ම හිමිකරුට ද අසල්වාසීන්ගෙන් ගුටි කෑමට සිදුවිය හැකි නිසාය. එම නිසා පිස්සු වැටුණු සුනඛයන් වහා බැඳ දැමීමට පියවර ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වන්නෙමු.

ප්‍රසන්න රණතුංග

09/06/2017

Today”s Special ආප්ප කා මාරු වූ සිරා රැහේ එවුන් එක්ක කෑ බුරියානිය

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එකට ආප්ප කා සර් වෙනුවෙන් මැරෙන්න හරි ඉන්නවා යැයි කියු සිරිසේන පහුවෙනිදා හවස් වනවිට මහවැලි කෙන්ද්‍රයේදි යහපාලන පට්ටන්දරි ඇතුලු බෙදුම්වාදීන් සමග එකට ඉදගෙන මහින්දව පමණක් නොව රටම පාවාදුන් අයුරු රටටම නොරහසකි….ජනාධිපති වු 2015 ජනවාරි 9 වැනිදා සිටම මේ දක්වා විවිධ ආකරයේ ගොන් කතා කියමින් යහපාලනය යනු ජනතාව පිනවන කානිවල් එකක් බව රටටම කියාදුන් සිරිසේන අද තවත් නියම බඩජාරි කතාවක් කිව්වේ මෙන්න මෙහෙමයි….

Top